හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ශ්‍රී ලංකාවක් උදෙසා විදුත් අපද්‍රව්‍ය විධිමත් කළමනාකරණයට ජාතික වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW :


එළඹෙන ජාත්‍යන්තර විදුත් අපද්‍රව්‍ය දිනය නිමිත්තෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ දී විශේෂ වැඩසටහනක්


ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ද්‍රුතයෙන් වර්ධනය වන විදුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (e-waste) කළමනාකරණය සඳහා සියලු රාජ්‍ය, පෞද්ගලික සහ නියාමන ආයතන ඒකාබද්ධ කරමින් විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ සාකච්ඡාව, එළඹෙන 14 වන දිනට යෙدෙන ජාත්‍යන්තර විදුත් අපද්‍රව්‍ය දිනයට සමගාමීව ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය අන්වර් ජාමොදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) දින පරිසර අමාත්‍යාංශයේ පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි.

පරිසර අමාත්‍යාංශ ලේකම්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා දිවයිනේ ලියාපදිංචි විදුත් අපද්‍රව්‍ය එකතු කරන්නන්, ප්‍රතිචක්‍රීකරණය කරන්නන් සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් රැසක් එක්ව සිටියහ.


ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා පරිවර්තනය වෙමින් රාජ්‍ය අංශය, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඩිජිටල්කරණයට ලක්වන පසුබිමක, 2050 වන විට ‘ශුන්‍ය කාබන්’ (Net Zero Carbon) ඉලක්කය සපුරාගැනීම රජයේ ප්‍රධාන අපේක්ෂාවකි.

විද්‍යුත් උපකරණ භාවිතය ඉහළ යාම පාරිසරික අභියෝගයක් වුව ද, වගකීම් සහගත ලෙස ඒවා එක්ලස් කිරීම, නැවත භාවිතය සහ විද්‍යාත්මක ප්‍රතිචක්‍රීකරණය මඟින් තිරසාර හරිත ආර්ථික වටිනාකම උත්පාදනය කරගැනීමේ මහා අවස්ථාවක් පවතින බව මෙහිදී අවධාරණය කෙරිණි.

විද්‍යුත් අපද්‍රව්‍ය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා නිෂ්පාදකයාගේ සිට පරිභෝජනය දක්වා සමස්ත ජීවන චක්‍රයම ආවරණය වන පරිදි වගකීම් සහගතව කටයුතු කිරීමට අදාළ වන නීතිමය සහ නීතිමය පසුබිම ශක්තිමත් කරමින්, ජාතික පාරිසරික පනතට හඳුන්වා දීමට නියමිත “ප්‍රූල් කරන ලද නිෂ්පාදක වගකීම්” (Extended Producer Responsibility – EPR) විධිවිධාන මෙන්ම, කඩිනමින් අනුමැතිය ලබාගැනීමට නියමිත විදුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ඉදිරියේ දී ක්‍රියාවට නැංවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


මෙම ජාතික ප්‍රයත්නය තවදුරටත් පුළුල් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය සහ ඩයලොග් ආසියාටා ආයතනය එක්ව දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන විදුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ ඒකාබද්ධ වැඩසටහන මේ වන විටත් ආරම්භ කර තිබේ.

පාරිභෝජන ජනතාවට සහ ආයතනවලට තම භාවිතයෙන් ඉවත් කරන ලද විදුත් උපකරණ පහසුමෙන් හා සුරක්ෂිතව බැහැර කිරීමට ඉඩ සැලසමින්, දිවයින පුරා පිහිටි සන්නිවේදන සේවා මධ්‍යස්ථාන ජාලය සහ විශේෂිත එකතු කිරීමේ මධ්‍යස්ථාන හරහා මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වේ.


මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, වෙළඳපල, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, සහ අපද්‍රව්‍ය කළමනාකරණය සහාය මධ්‍යස්ථානය සහ පළාත් පාලන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.

නියාමන ආයතන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, අනෙකුත් හා ආයතන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ පාරිසරික කටයුතු පිළිබඳ අධිකාරියත් ප්‍රාදේශීය මට්ටමින් ඉල අපද්‍රව්‍ය එකස් කිරීම හා වෙන් කිරීම විධිමත් කිරීමට කටයුතු කරනු ඇති.


නවෝත්පාදනය, පර්යේෂණ සහ විද්‍යාත්මක ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද හඳුන්වා දෙමින් අමාත්‍යාංශකරුවන්, නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, විදුලි සංදේශ නියාමක වරුන්, අලුත්වැඩියාකරන්නන් සහ ලියාපදිංචි ප්‍රතිචක්‍රීකරණ ආයතන එක්ව මෙම කටයුතු සිදු කිරීමට අපේක්ෂිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර මානුෂීය සහයෝගීතා වැඩසටහනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : දකුණු කොරියාවේ තේගු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු...

හෙට සිට කාලගුණයේ වෙනසක්. මි.මි.100ඉක්මවූ තද වැසි ගැන අනාවැකි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට ( 13) දිනය වන විට, ගිනිකොණ...

බන්ධනාගාරගත කර ඇති භික්ෂූන් සහ අන්‍යාගමික පූජකවරුන් සම්බන්ධයෙන් සජිත්ගෙන් ලිපියක්!

කොළඹ LNW:දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ස්වාමීන් වහන්සේලා සහ...