IOC, සයිනොපෙක්, ෂෙල් සමාගම් මට්ටු කරන්න අලුතින් තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 75ක් – ජනපති තදින් සිටී

සටහන – රුවන් නෙළුගොල්ල

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් යන මෙරට ක්‍රියාත්මක පෞද්ගලික අංශයේ ඉන්ධන සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් පමණක් ඇති ප්‍රදේශවල ලංකා ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් 75ක් අලුතින් පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙරට ඉන්ධන වෙළඳපොල පෞද්ගලික අංශයට විවෘත කළේ තරගකාරීත්වය වෙනුවෙන් වුවත් මේ වනවිට එම පෞද්ගලික සමාගමවලට රජයට අයත් තෙල් සංස්ථාවේ මිලට ඉන්ධන ලබාදීමට නොහැකි වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා, රජයේ තෙල් සංස්ථාව තම ලාභයෙන් කොටසක් ජනතාවට දෙමින් සිටියදී පෞද්ගලික අංශය තෙල් සැපයුම සීමා කරමින් සිටින්නේ නම් එවන් පෞද්ගලික අංශයක් කැඳවීමේ තේරුම කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය.

“ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය ගත්තොත් මේ ඉන්ධනවල, මම හිතන්නෙ දැන් මේ පෞද්ගලික අංශය එක්ක මතුවෙලා තියෙන ප්‍රශ්නය. මම ඒක චුට්ටක් කියන්න ඕනෙ විශේෂයෙන්ම. පෞද්ගලික අංශය අපි කැඳෙව්වේ තරගකාරීත්වයට. නමුත් සිද්ධවෙලා තියෙන දේ තමයි CPC ආයතනය දෙන මිලට පෞද්ගලික ආයතනවලට දෙන්න බැරිවෙලා තියෙනවා. CPC ආයතනය මේ වෙනකොට රුපියල් බිලියන 28ක ලාභයක් උපයලා තියෙනවා. මේ මාසය වෙනකොට. ඔවුන්ගේ ඉලක්කය වෙලා තියෙන්නෙ බිලියන 30ක ලාභයක් අවුරුද්දේ උපයන්න. මේ වගේ ක්‍රයිසිස් එක් වෙලාවේ CPC එක සූදානම් තමන්ගේ ලාභයෙන් පංගුවක් මහජනතාවට දෙන්න ඕනෙ. එහෙම තමයි ව්‍යාපාර. හැබැයි පෞද්ගලික අංශය විසින් කරලා තියෙන දේ මොකක්ද ? ඔවුන් ඔවුන්ගේ මිලට සෑහීමකට පත්වෙන්නෙ නැත්නම් තෙල් බෙදාහැරීම සීමාකරලා තියෙනවා. මම දන්නවා ගබඩාවල තෙල් තියෙනවා. ගබඩාවල තෙල් තියාගෙන තෙල් බෙදාහැරීම සීමා කරන එක වැරදියි.

මේ ප්‍රශ්නය මතුවෙන්න කලින් ඩීසල් වෙළඳපොලේ අපේ පංගුව 58% යි. අද ඩීසල් වෙළඳපොලේ අපේ පංගුව 77% යි CPC එකේ. නගරාශ්‍රිත සීමාකිරීම අපට දරාගන්න පුළුවන් CPC එකේ ෂෙඩ් එකකුත් තියෙනවා, පෞද්ගලික අංශයේ ෂෙඩ් එකකුත් තියෙනවා. සමහරවිට දෙහිඅත්තකණ්ඩිය පැත්තට ගියොත් එහේ තියෙන්නෙ පෞද්ගලික ආයතනයක ෂෙඩ් එකක් විතරයි. සාධාරණ නැහැ. ඒ ගිවිසුම්වල තියෙනවා, අපි දැන් ඒ ගිවිසුම් නීතිපතිතුමාට දීලා අධ්‍යනය කරමින් තියෙනවා, අධ්‍යනය කරලා මේ සැපයීම අවශ්‍යයි. මේකම ගෑස් සමාගමත් කරනවා. තරගකාරීත්වයට ගෙනාපු සමාගමක්. හැබැයි රජයේ ගෑස් සමාගම මේ ඔක්තෝබර් මාසයේ අපි මිල වැඩි කළේ නැහැ. මිල වැඩි නොකළේ ඔවුන්ගේ ලාභය බිලියන 4ක් විතර තිබෙනවා, ඒ ලාභයෙන් පංගුවක් දරාගන්න ලෑස්තියි කිව්වා ඔවුන් මේ මිලටම දීලා. නමුත් පෞද්ගලික සමාගම ගෑස් හිඟයක් ඇතිකරලා තියෙනවා. රජයේ සමාගමට වඩා වැඩියෙන් විකුණනවා. ඉතින් මොකක්ද පෞද්ගලික අංශය කැඳවීමේ තේරුම ? තරගකාරීත්වය මෙතන ඇතිකරලා නැහැ. රුපියල් 5 – 10ක වෙනසක් අපිට දරාගන්න පුළුවන් තරගකාරීත්වයට. හැබැයි ඩීසල් ලීටරයකින් රුපියල් 132ක වෙනසක් දරාගන්න පුළුවන්ද ? සාධාරණ නැහැ.

ඒ නිසා මං හිතන්නේ අපි CPC ආයතනය ශක්තිමත් කරනවා. අපි නැවත පෙට්‍රල් ෂෙඩ් 75ක් – දැනට අධ්‍යනයකින් අපි හඳුනාගෙන තිබෙනවා පෙට්‍රල් ෂෙඩ් 75ක් අලුතින් ආරම්භ කරන්න. අර ප්‍රයිවට් ආයතන තියන තැන්වල. මොකද කොයි වෙලාවෙත් මේ අනතුර අපිට තියෙනවා. හෙට ඒගොල්ලො බෙදාහරින්නේ නැහැ කිව්වොත් අපි මොකද කරන්නෙ ? නමුත් ඔවුන් මත විතරයි සමහර කලාපවල තෙල් සැපයුම තියෙන්නේ. සාධරණ නැහැ. ඒ නිසා අපි ස්ථාන 75ක් තෝරාගෙන තිබෙනවා, අලුතින් පෙට්‍රල් ෂෙඩ් ආරම්භ කරනවා CPC ආයතනය”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන 2026 ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව අමතමිනි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් පහකට මි.මී. 100 – 150 තද වැසි – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද(ඔක්තෝබර් 13) දින, ගිනිකොණ දිග බෙංගාල...

අශෝක් අබේසිංහ සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා...

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර මානුෂීය සහයෝගීතා වැඩසටහනක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : දකුණු කොරියාවේ තේගු...