*
Friday, September 27, 2024
spot_img

Latest Posts

අපි තරු පුදන් නැහැ.තරු පූදනවා – බන්දුල එගොඩගේ

ශ්‍රී ලංකා පාසැල් දැල් පන්දුවේ පෙර ගමණ සඳහා 29 වන වරටත් දායක වෙමින් මයිලෝ අනුග්‍රහය ප්‍රදානය කළ මාධ්‍ය හමුවට සහභාගි වූ නෙස්ට්ලේ සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ ප්‍රකාශ කළේ තමන්ගේ අනුග්‍රහයන්ගේ ස්වභාවය තරු පිදීම නොව තරු පූදන එක බවය.නෙස්ට්ලේ සමාගමේ විවිධ නිෂ්පාදන හරහා ඔවුන් අනුග්‍රහය ලබා දෙන්නේ පාසල් සහ කණිෂ්ඨ ක්‍රීඩාවන්ට වීම වැදගත් ය.එසේම මෙම අනුග්‍රාහක සත්කාර්යය සඳහා නෙස්ට්ලේසමාගම මුල්වරට එක් වූ අධ්‍යාපන අමාත්‍යංශ ඉතිහාසයට පිවිසි එගොඩගේ,එහි ගෞරවය සුනිල් ජයවීරට මෙන්ම ඔලිවියා ගුරුගේටත් පුද කළේය.තම සමාගමේ කාර්යය අනුවම මාධ්‍යය ද මේ පූදින තරු හඳුනා ගැනීමට සහ රටට හඳුන්වාදීමට කටයුතු කරන බවත් මේ මෑතකදි එවැනි දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයෙන් බිහි වූ තරුවක් නෙස්ට්ලේ තරග අනුග්‍රහය යටතේ සොයා ගැනීම සමබන්ධයෙන් වෙබ් අඩවියක් කරන ලද හෙළිදරව්වක් ගැන ද පැවසීය.
(එය LNW පුවතකි.) https://sinhala.lankanewsweb.net/10/09/30308/

මෙවර තරගාවලිය පැවත්වෙන්නේ ගාල්ලේ දඩල්ල ක්‍රීඩාංගණයේදී ය.ආරම්භවන්නේ ඔක්තෝම්බර් 16 වන දා වන අතර අවසන් දිනය ඔක්තෝම්බර් 8 ය.තරගාවලි සඳහා පාසල් තෝරා ගැනීමේදී දරුවන් 1000 ට වැඩි පාසල් “ඒ” කාණ්ඩයට ඇතුළත් කර ඇත.දරුවන් 1000 ට අඩු පාසල් ඇතුළත් කර ඇත්තේ “බී” කාණ්ඩයටය.ඒ සහ බී කොටව්වලදී වෙන වෙනම අවුරුදු 15 න් පහළ,අවුරුදු 17 න පහළ සහ අවුරුදු 19 න් පහළ තරග පැවත්වෙන අතර 13 න් පහළ කාණ්ඩයේදී ඒ සහ බී ලෙස කොටස් දෙකකට වර්ග කර නැත.
ජාතික මට්ටමේ මූලික තරග වට කළාප 15 ට බෙදා පවත්වා ඇති අතර මේ දින තුන තුළ එම දක්ෂතා පදනම් කරගෙන කණ්ඩායම් 400 පමණ තරගාවලියට එක්වීමට නියමිතය.ඒ සමඟ සහභාගිවන පිරිස 3000 ඉක්මවන්නේය.මෙහිදී මාධ්‍යකරුවන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පාසල් දැල්පන්දු සංගමයේ ලේකම් ශිරෝමි කුරුප්පු ප්‍රකාශ කළේ වත්මන් ආසියාව සූරතාවය දිනූ කණ්ඩායමේ මයිලෝ පාසල් දැලපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වීමේ භාග්‍යය ලද ගයනි දිසානායක,ගයංජලී අමරවංශ,දුලංගි වන්නිතිලක,රශ්මි දිව්‍යංජලී වැනි ක්‍රීඩිකාවන් ගණනාවක් සිටින බවය.

මෙම තරගයේ ජය සංඛේත ප්‍රදානයට මෙම තරගාවලිය හරහා මතු වූ තරු ගෙන ඒම අලුත් ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමක් බවත් එය නොකරන්නේ මන්දැයි ද LNW ප්‍රශ්න කර සිටියේ සුපුරුදු පරිදි මෙවැනි උත්සව අවස්ථා ක්‍රීඩාව ගැන සිතීමක් පෙළඹිමක් නැති දේශපාලකයන් කැදවීමෙන් ඔවුන් ක්‍රීඩාවේ ආශිර්වාදය ලබා ගන්නවා විනා,ක්‍රීඩාවට ආශිර්වාදයක් වන්නේ අඩුවෙන් නිසාය.නමුත් පාසල් දැල්පන්දු නිලධාරිණියන්ට එවැනි අදහසක් නොතිබුණු අතර නමුත් ඉදිරි දින කිහිපයේදී ඒ සම්බන්ධයෙන් උත්සාහයක් දරන බව ප්‍රකාශ කර සිටියේය.
පාසල් ක්‍රීඩා ගණනාවකට අඛණ්ඪව අනුග්‍රහය දීම ගැන සහ වරින්වර එය නැතිව යාම පිළිබඳවත් මෙම මාධ්‍ය හමුවේදි කථිකාවක් ගොඩ නැඟුණ අතර එහිදී බන්දුල එගොඩගේ පැහැදිළි කළේ තමන් අඹ ඇට සිටුවන්නට වඩා කැමති බවය.යමෙක්ට එය පලදාව වැඩී වූ පසු නෙලාගන්නට හැකි බව පැවසූ ඔහු, නමුත් ඒවා නැවත දමා ගියවිට ගස මැරෙන්නට නොදී රැක බලා ගැනීමට තම ආයතනය නැවත මැදිහත් වන බවත් පැවසීය.පාසල් පාපන්දුවේ බිද වැටීමට හේතුවක් හැටියට නෙස්ට්ලේ සමාගම අනුග්‍රහයෙන් ඉවත්ව සිටීම බව පෙන්වා දුන් මාධ්‍යයට පිළිතුරු දෙමින් එගොඩගේ කීවේ තනි අතින් අත්පොඩි ගහන්න නොහැකි බවය.

නෙස්ට්ලේ ලංකාවේ වැඩිම ක්‍රීඩාවන් ගණනක පැල අවධියට සත්කාර කරන ආයතනය වන බැවින් ද ඔවුන්ම හඳුන්වන පරිදි එවැනිම කාර්යයකට දායක වන ක්‍රීඩා මාධ්‍ය සමඟ සමීපව වැඩ කරන සමාගමකි.එම බැදීම පෙන්වමින් මෙම මාධ්‍ය හමුව ඇරඹෙන්නට ප්‍රථම මෑතකදී අප අතරින් වෙන්ව ගිය සොඳුරු ස්වාධීන රූපවාහිණි මාධ්‍යවේදී කපිල ලියනගේ මාධ්‍ය සහෘදයා සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවත්වීමත් ඒ සහෘදත්වයේ සංඛේතයක් බඳු විය.

මෙම මයිලෝ දැල්පන්දු තරගාවලිය සදහා සහභාගිවන කණ්ඩායම් සඳහා මේ වන විට ගාල්ල ප්‍රදේශයේ පාසල් හතරක් නවාතැන් සඳහා සූදානම් කර ඇත.ඒ ගාල්ල සවුත්ලන්ඩ්,සංඝමිත්තා,ශ්‍රී හෘදය කන්‍යාරාමය සහ අනුලා විද්‍යාලයන් ය.තරගාවලිය ඕකෝම්බර් 16 දා පෙරවරු 8.30 ට ආරම්භ වන අතර තරගයේ සමාප්ති දිනය වන 18 දා අවසාන තරග සමඟ සමාප්ති සමාචාර උත්සවය ආරම්භවීමට නියමිතව ඇත්තේ පස්වරු 3.00 ට ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan