අඳින ඇඳුම් වෙනුවට ‘අඳින’ ඇඳුම්

Date:

‘කෑම’ තියෙන්නෙ මොනවටද ? ටිකක් සිලී ප්‍රශ්නයක් තමයි. ඒත් අපි හිතල තියෙනවද ‘ ‘ කෑම’ තියෙන්නෙ කන්නම විතරද කියලා. අපි නොහිතුවට කනවට වඩා දෙයක් කෑමවලින් කරන්න පුළුවන් කියලා හිතන සෙට් ඉන්නවා. එයාලට අපි කියනවා ඩිසයිනර්ස්ලා කියලා. ඕනම ජාතියක ෆූඩ් ඇන්ඩ් බෙවරේජර්ස් පාවිච්චි කරලා ඉන්ක්‍රෙඩිබල් ක්‍රියේශන්ස් කරන මිනිස්සු ඉන්නවා. අපි දැකලා තියෙනවා එක එක ආහාර වර්ග යූස් කරලා සැරසිලි ,අත්කම් නිර්මාණ කරනවා. සමහර ආට්වල මාවල් ගතියකුත් තියෙනවා.

අපේ රටේ ෆුඩ් ආර්ට් ගැන කිව්වොත් උඹල අපි ෆුල් මාවල් කරනව එකම දෙයයි තියෙන්නෙ, ඒ ප්‍රයිස් එක. ඉන්ක්‍රීස් වෙන ෆුඩ් ප්‍රයිස් දිහා බල බල ෆුඩ් ක්‍රියේශන්ස් ගැන baltimoraට කියන්න හිතුනා. ඒකට හේතු තියෙනවා . පළවෙනි එක තමා කියවන්න ලැබිච්ච ඉන්ටර්නැශනල් වැඩක්. දෙවැනි එක, එහෙමත් ආර්ට් ලෝකෙ තියෙන බව කියන්න. තුන්වෙනි එක, ලෝකෙ එහෙම උනාට ලංකාවෙ එහෙම නෑ කියන්න. වැදගත්ම එක, බඩට කැරට් අලයක් නැතුව, වැඩට කැරට් අල බස්සන්නෙ කොහොමද කියල හිතට දැනුන දුක කියන්න.

ආහාර එකෙම්ම දේශපාලනිකයි. ඒක ලෝන්ග් ස්ටෝරි එකක්. කෑම ජාතිවලින් පන්ති ජාතිය මෙශර් කරන්න පුළුවන් . දැනට ඒ ඇති. Baltimora ලියන්නෙ ඒ ස්ටෝරිය නෙවේ. කියවන්න ලැබුන ලිපිය ‘ එඩිබල් ඩ්‍රස් ‘ එකක් ගැන . ඒ කියන්නෙ කන්න පුළුවන් ඇඳුමක්. මේක නිකං වැඩක් නෙවේ. චීනයේ චංග්චුන් කොලේජ් එකේ ෆැශන් ඩිසයිනින් ස්ටඩී කරපු කෙල්ලෙක්ගෙ නිර්මාණයක්.

කෙල්ලගෙ නම ටැංග් ඩැන්යන්ග්. ෆයිබර් වෙනුවට නිවිතිවලින් ගත්ත කෙඳි පාවිච්චි කරල තමා මේ ඇඳුම හදලා තියෙන්නෙ.මිනිස්සුන්ගෙ පරිභෝජන ආහාර මිලෙන් වැඩියි. මේක දරන්න අමාරුයි. පාවිච්චි කරන ආහාරවලින් දෙගුණයක්ම අපතේත් යනවා. ටැංග් කියන්නෙ, අපතේ යන පළතුරු එළවළුවලින් රිසර්ච් බේස් නිර්මාණයක් කරන්න එයාට ඕන උනා කියලයි. මේව පරිසර හිතකාමී වගේම ඇඟ ප්‍රොටෙක්ට් කරනව කියලා එයා කියනවා. හැබැයි ඩියුරබල්ද නැද්ද කියල කියන්න එයාට අපහසුයි. හේතුව තවමත් එයා රිසර්ච් එක කරනවා. ගිය අවුරුද්දෙ, එඩිබල් ඩ්‍රස් අවොර්ඩ් එකක් ටෑංග්ට ලැබිලා තියෙනවා. ආර්ටිකල් එකේ ස්ටෝරිය ඒකයි.

එඩිබල් ෆැශන් කියන එක නිව් ට්‍රෙන්ඩ් එකක් නෙවේ. පාරෙ ඇඳන් යන්න පුළුවන් ද මේවා? ඔව් අනිවාර්යයෙන් එහෙම හිතෙනවා. මේවා අපිට නිකං ජෝක් එකක් කියල හිතෙන්න පුළුවන්. ඒත් මේ අත්හදාබැලීම් එක එක විදියට යූස් කරන්න පුළුවන්. එදිනෙදා අඳින කැටගරි එකට මේවා අයිති වෙන්නෑ. කොස්ටියුම් ඩිසයිනින් කියන එක වෙනම කලාවක්. අපි හිතමු මේ කියන එඩිබල් ෆැෂන් සිනමාව එක්ක කලබරේට් වෙනවා කියලා. ඒ කියන්නෙ, අපි නොහිතන මැටීරියල්ස් යූස් කරලා අලුත් කොස්ටියුම්වලින් කැරැක්ටර්ස් මවන්න පුළුවන් වෙනවා. ‘එඩිබල් ඩ්‍රස් ෆැෂන් ශෝ’ එකකට වඩා එහාට මේ ඩ්‍රසස් අපිට යූස් කරන්න පුළුවන්. මේවා හැදෙන්නෙ, නිකං බල බල ආතල් ගන්න නෙවේ. ඒවා යූසේජ් එකක් කරගන්න වටින වැඩ.

අපේ රටේ , කෑම අපිව කෑවට, කෑම තියෙන්නෙ කන්නම නෙවෙ කියලා හිතුනා නම්. එච්චරයි ! ජය වේවා !!

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...