එයා අනුප්‍රාප්තික ජනාධිපති විතරයි.මැතිවරණ වෙනස්කරන්න බලය දී නැහැ (VIDEO)

Date:

රනිල් වික්‍රමසිංහ මහතා දැනට කටයුතු කරන්නේ අනුප්‍රාප්තික ජනධිපතිවරයා වශයෙන් වන අතර ඔහුගේ කාර්යභාර්ය විය යුත්තේ එදිනෙදා කටයුතු නිසිලෙස පවත්වාගෙන යාම මිස ඔහුට සිතුම් පැතුම් ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක කිරීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා පවසයි.

මේ වන විට මැතිවරණ ක්‍රම වෙනස් කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඊට ඔහුට වරමක් ලැබී නැති බවයි චරිත හේරත් මහතා සඳහන් කරන්නේ.

රටක් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ආකෘතියක් පවතින හෙයින් ඒ අනුව ක්‍රියා කළ යුතු බව හෙතෙම පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාව තුළ බැලට් පේපර් දෙකක් අනුව ක්‍රියාත්මක බවත් එකකින් විධායක ජනාධිපතිට බලයක් දෙන අතර තවත් එකකින් ව්‍යවස්ථාදායක බලය දෙන බව සිටියේ.

නමුත් අද වන විට තිබෙන්නේ විකෘති තත්ත්වයක් වන හෙයින් ක්‍රියා කළ යුත්තේ ඉතාම පරිස්සම් සහගතව බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...