හමාස් පෘථිවියෙන් අතුගා දැමීමට සුදානම් – නෙතන්යාහු

Date:

හමාස් සටන්කාමීන් ගාසා තීරයේ සිට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු රට තුළ යුද්ධයක් ප්‍රකාශයට පත් කරමින් රට තුළ හදිසි ආන්ඩුව සහ යුද කැබිනට්ටුවක් පිහිටුවීමට විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් සමඟ එක්ව සුදානම් බව වාර්තා වේ.

ඊශ්‍රායලයේ හදිසි ආන්ඩුවේ පළමු රැස්වීමෙන් පසු විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැති නෙතන්යාහු ප්‍රකාශ කර තිබුණේ, අලුතින් පිහිටුවන ආණ්ඩුව එක්සත් බවත්, සෑම හමාස් සාමාජිකයෙක්ම මියගිය පුද්ගලයකු බවත්, ඔවුන් හමාස් පෘථිවියෙන් අතුගා දැමීමට සුදානම් බවත්ය.

මෙම යුධ කැබිනට් මණ්ඩලය අගමැති නෙතන්යාහු, විපක්ෂ නායක බෙනී ගැන්ට්ස්, ආරක්ෂක අමාත්‍ය Yoav Gallant හා රටේ ප්‍රධාන විපක්ෂ නායක යායර් ලපිඩ් , යුධ උපක්‍රම පිළිබඳ ප්‍රවීණයන් වන Gantz මහතා සහ නිරීක්ෂකයෙකු ලෙස එක්වන Gadi Eisenkot යන ය මේ සඳහා සම්බන්ධ වේ.

පලස්තීන ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ මරණ සංඛ්‍යාව 1200 දක්වා ඉහළ ගොස් ඇති අතර ඊශ්‍රායල විසින් පලස්තීනයට එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් 1100කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. ඊශ්‍රායලයේ තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ, ඊශ්‍රායල ජනතාවගේ කෝපය සහ අපේක්ෂා භංගත්වය තේරුම් ගත හැකිමුත් ජිනීවා සම්මුතිවල මූලධර්ම පිළිපදින ලෙසයි.

මිට අමතරව බයිඩන් හමාස් ප්‍රහාර පිළිගෙන ඇති ඉරානයට අනතුරු අඟවමින් ප්‍රකාශ කර තිබුණේ ‘පරෙස්සම් වන ලෙසයි’.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...