කවි ලියල හරිගිය කෙනෙක් ඉන්නවද ?

Date:

කවි ලියල හරිගිය කෙනෙක් ඉන්නවද ?
කවි වලින් හම්බ කරපු දෙයක් තියෙනවද ?
තිත තියපු දවසේ ඔයා මගෙන් ඇහුවා .

කාලෙකට පස්සෙ
සෙනඟ අස්සෙ තෙරපි තෙරපි
ඔයා ස්ටෝල් එකට එනව මම දැක්කා .
රාක්ක අත ගගා පොත් තෝරද්දි
අර කියපු මංගල මුද්දත් දැක්කා .

ඔයාට දෙන්න කියලා
අර ගත්තු පුංචි මුද්ද
මං ආයෙමත් වික්කා .
පිළිකා රෝහළේ ළමා වාට්ටුවට
මං ඒකෙන් දානයක් දුන්නා .

අත්සන ගහන්න කියනකොට
අත වෙව්ලුවා තමයි
සිගරට් කහට , අපිළිවෙල රූපය
මම මටම තෑගි කර ගත්තු
දඬුවම් වලින් ටිකයි .

මේ පොත කියවන්න .
ඒකෙ හුඟක් කවි ඔයාට .
අතරින් පතර කීපයක්
තාවකාලික පෙම්වතියන්ට.
ඉතුරුවා මට , මගෙ දුකට .

ඇඟිල්ලකින් වුනත්
විදුලි සැර වැදෙන්න පුළුවන් කියලා
අදත් ඔයා කියල දුන්නා .
අද ඔහාට වහින්න පුළුවන්
මෙහෙ නම් දිගටම ගං වතුර .

කවි ලියල හරිගිය කෙනෙක් ඉන්නවද ? ඔයා ඇහුව
ඔව් ඉන්නවා .
මේ මම .
කවි වලින් හම්බ කරපු දෙයක් තියෙනවද ? ඔයා ඇහුවා
ඔව් තියෙනවා .
ඒ ඔයා .

~ වර්ණ රසිකා ගුණවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...