කොට්ඨාස නියෝජනය කිරීමට මන්ත්‍රීවරු නෑ,පක්ෂ අර්බුදයක

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ (LNW):

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දී තිබෙන අපේක්ෂකයන් රැසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ද නාම යෝජනා භාර දීම නිසා, පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන පක්ෂ රැසකට කොට්ඨාස නියෝජනය කිරීමට මන්ත්‍රිවරු නොමැති වීමේ තත්ත්වයක් මතු වී ඇතැයි අනාවරණය වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවසූවේ, පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දී තිබෙන අපේක්ෂකයකුට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාරදීමට කිසිදු බාධාවක් නොමැති බවයි.

මෙහිදී වන්නේ පළාත් පාලන මැතිවරණයේදී අදාළ කොට්ඨාසය නියෝජනය කිරීමට දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට අපේක්ෂකයකු නොමැති වීම පමණක් බවද ඔහු කීවේය.

මැතිවරණයේදී අදාළ කොට්ඨාසයේ සිටි අපේක්ෂකයාට ඡන්දය දුන්නත් ඊට අදාළව වෙනත් අපේක්ෂකයකු නම් කිරීමට නොහැකි බවද සභාපතිවරයා පැවැසීය. එමෙන්ම මියගිය අපේක්ෂකයකු වෙනුවට අදාළ නාම යෝජනා ලැයිස්තුවට වෙනත් අයකු ආදේශ කිරීමට නොහැකි බවද පැවසීය.

පළාත් පාලන මැතිවරණ පනතට අනුකූලව බාරදුන් නාම යෝජනා පත්‍රයක් අවලංගු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය. අධිකරණයෙන් ලබා දී තිබෙන නියෝගය අනුව මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම යැයිද සභාපතිවරයා කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය කල් යෑම හේතුවෙන් නාම යෝජනා භාරදුන් ඇතැම් අපේක්ෂකයන් මේ වන විට මියගොස් ඇති අතර, ඇතැම් අපේක්ෂකයෝ විවිධ රැකියා සඳහා විදෙස්ගතවී සිටිති. ඇතැම් අපේක්ෂකයන් දේශපාලනයෙන් ඉවත්ව ඇතැයි ද අනාවරණ වේ. එමෙන්ම පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදුන් ඇතැම් දේශපාලන පක්ෂ මේ වන විට අක්‍රිය තත්ත්වයේ පවතින බවද අනාවරණය වී ඇති බැවින් මෙම තත්ත්වයට තුඩු දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...