ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමට දී තිබූ කාලය අදින් අවසන්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ (LNW):

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා දීම සඳහා දී තිබූ කාලය, අදින් අවසන් වන බව පැවසේ. ඒ අනුව , මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 3න් එම කාලය අවසන් වන බවයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, මේ වන විට වියදම් වාර්තා දී ඇත්තේ අපේක්ෂකයින් 20 දෙනෙකු පමණක් බවයි. මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, දින 21 ක් ඇතුළත ආදායම් – වියදම් වාර්තා ලබා දිය යුතු වන අතර, එම වාර්තා භාරදිය යුත්තේ, පිළිගත් දේශපාලන පක්ෂය හෝ, වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයා නම් කළ ඡන්ද හිමියා විසිනි.

කොමිසම පවසන්නේ, එම වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එහිදී අදාළ අපේක්ෂකයා අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත්, ඔහුගේ ඡන්ද අයිතිය සහ අසුන අහිමි වනු ඇති අතර, රුපියල් ලක්ෂයක දඩ මුදලක් එවැනි පුද්ගලයෙකුට නියම කරනු ලබන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...