මා දේශපාලන අනාථයෙකු නොවේ, මේ තාවකාලික සමුගැනීමක් – කෙහෙළිය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ (LNW):

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර ඇත.

අද (13) පැවැති රැස්වීමකදී සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට ඔහු මේ බව අනාවරණය කළේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බවයි. තාවකාලිකව දේශපාලයෙන් සමුගැනීම නිවේදනය කළත්, මහජන ප්‍රසාදය පෙර පරිදිම පවතින බව ඔහු පැවසීය.

ව්‍යාපාරිකයෙකු ලෙස තමන් හරි හම්බ කරගත් මුදල්වල වටිනාකමට වඩා දේශපාලනයේ නිරතවීමෙන් ලද ජනතා ආදරය වටින බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම තමන්ට අධිකරණය වෙතින් සාධාරණය ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත්, නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස නැවත දේශපාලනයට පිවිසීම තම බලාපොරොත්තුව බවද කියා සිටියේය.

"මීට අවුරුදු 31කට පමණ පෙර අහම්බෙන් මම දේශපාලඥයෙක් වුණේ. මගේ සීයා හිටියා බණ්ඩාරනායක මහත්තයාගේ සෙනෙට් එකේ. මට කෙහෙළිය කියලා නම තිබ්බේ බණ්ඩාරනායක මහත්තයා. මට ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන්නට මට කිසිම වුවමනාවක් තිබ්බේ නැහැ. මම හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක්".

“දේශපාලනය කළත් නැතත් උදව්කරන්න අවස්ථාවක් ලැබෙන ඕනෑම වෙලාවක කිසිම පසුබෑමක් නැතුව මට කථා කරන්න, මම ඉන්නවා. ඒක හිස් වචනයෙන් කියන දෙයක් නෙමෙයි හදවතින් කියන්නේ".   

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍ය, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, සෞඛ්‍ය අමාත්‍ය සහ පරිසර අමාත්‍යවරයා ඇතුළු විවිධ අමාත්‍ය ධූර හොබවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...