මෙතෙක් කල් තැපෑලෙන් යවපු හිමිකම් ලියුම බෙදන්න මේ ආණ්ඩුව ලොකු උත්සවයක් තියලා. සිස්ටම් එක හොඳටම චේන්ජ් – නාමල්

වතු නිවාස සඳහා හිමිකම් පත්‍ර මෙතෙක් ජනතාව වෙත තැපෑලෙන් යැවූ නමුත් වත්මන් ජනාධිපතිවරයා විශාල උත්සවයක් තියා ඒ හිමිකම් පත්‍ර භාරදීමට කටයුතු කර ඇතිවා විනා ගිය ආණ්ඩුව හෝ මේ ආණ්ඩුව නිවාස සාදා නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා කිව්වෙ ලොකු උත්සව මොකුත් කරන්නෙ නැහැ කියලා. නමුත් අද ජනාධිපතිතුමා බණ්ඩාරවෙල ලොකු උත්සවයක් කරලා ඔප්පු දෙනවා වතු නිවාස සඳහා. ගිය ආණ්ඩුවෙන් කියනවා ඒ කට්ටිය හැදුවෙ කියලා, මේ ආණ්ඩුවෙන් කියනවා මේ කට්ටිය හැදුවෙ කියලා ?

“ඇත්තටම ඔය දෙගොල්ලම ගෙවල් හදලා නෑ. තාම දෙන්නෙ හිමිකම් පත්‍ර විතරයි. මෙතෙක් කල් ඒක තැපෑලෙ ගියෙ. ඉතින් තැපෑලෙන් තමන්ට නිවසක් හිමි බවට තහවුරු කරලා යවපු ලියුම අතිගරු ජනාධිපතිතුමා අද ලොකු උත්සවයක් තියලා ඒ අයට බාරදෙනවා. ඒ කියන්නෙ ගෙයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා කියන ලියුම දෙන්නත් උත්සවයක් කරනවා. සිස්ටම් එක හොඳටම වෙනස් කරලා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) වැලිමඩ ප්‍රදේශයේදී පැවති දේශපාලන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...