වරායට කන්ටේනර් ආවාට ඒවා නිදහස් කරන්නේ රේගුවෙන්. රේගුව අයිති මුදල් අමාත්‍යාංශයට – ඇමති වසන්ත

ප්‍රශ්නගත කන්ටේනර් 323ක් නිදහස් කිරීමේ සිද්ධිය නිසා බිමල් රත්නායක අමාත්‍යවරයාගෙන් වරාය හා සිවිල් ගුවන් සේවා විෂයය ඉවත් කර ඇතැයි විපක්ෂය නගන චෝදනාවට කිසිදු පදනමක් නොමැති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් බිමල් රත්නායක ඇමතිවරයා මාරු කළාය කියන එකට කිසි පදනමක් නැත්තේ කන්ටේනර් වරායට ආවාට වරායෙන් කන්ටේනර් නිදහස් කරන්නේ කස්ටම් එක. කස්ටම් එක අයිති මුදල් අමාත්‍යාංශයට. විපක්ෂයට කියන්න ඕනෑ ඉස්සෙල්ලා සම්බන්ධය හොයාගන්න කියලා. බිමල් රත්නායක ඇමතිතුමා මුදල් ඇමතිතුමා නෙවෙයිනෙ එහෙම මාරුවීමක් කරන්න ? අර ගියොත් වචනයක්, ආවොත් අලියෙක් වගේ තමයි විපක්ෂයේ චෝදනා”

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝද හතරෙන් අහසට යන අනාගතය! Tesla හි AI බලය පිටුපස සිටින අශෝක් එල්ලුස්වාමි කවුද කියලා අද LNW තුළින් දැනගමු ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 17, LNW (කොළඹ): මෝටර් රථයක් රියදුරෙකු නොමැතිව මාර්ගයේ...

දිවයිනටම බලපෑ විදුලි බිඳවැටීම සහ යථාතත්වයට පත්කිරීම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17, කොළඹ LNW : දිවයින පුරා සිදු...

බිසී නැති සජිත්….

මහේෂ් හපුගොඩ ලංකාවේ සිටින ප්‍රධාන පෙලේ සියලු දේශපාලඥයින් අතරින් සජිත්...