සකර්බර්ග් ගේ අමුතු බංකර් සීන් එකේ යටගියාව කුමක් වේද?

0
112

සටහන – පුලී

ඔක්තෝම්බර් 13, කොළඹ (LNW): ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් 2014 තරම් ඈත කාලයකදී හවායි දූපතක් වන කවායි හි ඔහුගේ අක්කර 1,400 ක පුළුල් පරිශ්‍රය වන කූලාවු රැන්ච් හි වැඩ ආරම්භ කළ බව පැවසේ.

වයර්ඩ් සඟරාවේ වාර්තාවකට අනුව, එම ස්ථානයේ සේවය කරන වඩු කාර්මිකයන්ට සහ විදුලි කාර්මිකයන්ට ඒ ගැන කතා කිරීම තහනම් කර තිබුණද, එහි බලශක්ති සහ ආහාර සැපයුම් වලින් සමන්විත නවාතැනක් එයට ඇතුළත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



අඩි හයක තාප්පයක් අසල මාර්ගයක් නොපෙනෙන ලෙස ව්‍යාපෘතිය අවහිර කර තිබේ.

පසුගිය වසරේ ලෝක විනාශයකට මුහුණ දීමට සුදුසු බංකරයක් නිර්මාණය කරන්නේ දැයි විමසූ විට, ඊට ප්‍රතිචාර වශයෙන් ෆේස්බුක් නිර්මාතෘවරයා “නැත” යනුවෙන් ස්ථිර පිළිතුරක් දුන්නේය. වර්ග අඩි 5,000 ක් පමණ පැතිරී ඇති භූගත අවකාශය, ඔහු පැහැදිලි කළේ, “කුඩා නවාතැනක් වගේ, එය බිම් මහලක් වගේ” වැනි අපැහැදිලි පිළිතුරු සහිතවය.

ඒ හා සමානව කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ හි ක්‍රෙසන්ට් පාර්ක් අසල්වැසි ප්‍රදේශයේ දේපළ 11 ක් මිලදී ගැනීමට ඔහු ගත් තීරණය ගැන ද කසු කුසුවක් ඇති ව තිබේ. පෙනෙන විදිහට යටින් වර්ග අඩි 7,000 ක භූගත ඉඩක් එහි විය

ඔහුගේ ගොඩනැගිලි බලපත්‍රවල බිම් මහල ගැන සඳහන් වුවද, ඔහුගේ අසල්වැසියන් කිහිප දෙනෙක් එය බංකරයක් ලෙස හඳුන්වති. නැතහොත් කෝටිපතියෙකුගේ වවුල් ගුහාව ලෙසද හඳුන්වති.

ඒ අතර සමහරක් පවුම් මිලියන ගණනක සුඛෝපභෝගී බංකර් බවට පරිවර්තනය කිරීම සඳහා භූගත අවකාශයන් සහිත ඉඩම් කැබලි මිලදී ගැනීමට කාර්යබහුල වී ඇති බව පෙනේ.