සරණට එරෙහි නඩු හතරකට දින නියම වෙයි!

Date:

කොළඹ LNW:හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩු හතරක් විභාගය ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද (13) දින නියම කර තිබේ.

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ඊට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේ දී රජයට පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මෙම නඩු සඳහා වරද පිළිගෙන කෙටියෙන් අවසන් කර ගැනීමට තිබෙන හැකියාව සොයා බැලීම සඳහා විත්තිකාර සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩු අද දින කැඳවා තිබුණි.

කෙසේ වෙතත් මෙම නඩු විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ වරද පිළිගෙන මෙම නඩු කෙටියෙන් අවසන් කර ගැනීමට සඳහා තමන් කළ දැනුම් දීම ඉවත් කර ගන්නා බවයි.

ඒ අනුව මෙම නඩු තවදුරටත් විභාගය සඳහා දින නියම කරන ලෙසත් විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අදාළ නඩු විභාගය සඳහා නොවැම්බර් මස 19 සහ 25 යන දිනවල කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැළණි ගඟේ ජල මට්ටමත් ඉහළට. කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට මහ ගංවතුර අනතුරු හැඟවීම් !

සටහන - රුවන් නෙළුගොල්ල පවතින අධික වර්ෂ්පාතනය හේතුවෙන් කැළණි ගඟේ...

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...