පැරණි කඩදාසි නගරය නව මුහුණුවරකින් නැවත ඇති කිරීම රජයේ ඉදිරි සැලැස්මක් – ජාතික කඩදාසි සමාගමේ සභාපති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW :

අද (13) රාජ්‍ය ව්‍යාපාරයන්හි වසරක ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවව්ත්වා ඇත.

එහිදී අදහස් දක්වමින්, පැරණි කඩදාසි නගරය නව මුහුණුවරකින් නැවත ඇති කිරීම රජයේ ඉදිරි සැලැස්ම බව, ජාතික කඩදාසි සමාගමේ සභාපති උපාලි රත්නායක මහතා සදහන් කළේය.

වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමෘද්ධිමත් කාලයේ කඩදාසි නගරය ලෙස හදුන්වා ඇති අතර කඩදාසි නගරය යනුවෙන් කර්මාන්ත ශාලාව වෙනුවෙන් වෙනම දුම්රිය ස්ථානයක් ද පැවති බව පැවසූ ජාතික කඩදාසි සමාගමේ සභාපති උපාලි රත්නායක මහතා එම දුම්රිය ස්ථානයේ සිට කර්මාන්ත ශාලා භූමියට දුම්රිය මාර්ගය සකස් කර ඇතැයිද පැවසුවේය.

2024 දී නව රජය පත්වී අලුත් පාලක මණ්ඩලයක් පත් කළ පසු එතෙක් බිදවැටීම් නිසා නිෂ්පාදන නතර කර තිබුණු         වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවෙහි පැවති අඩුපාඩු සහ බිදවැටීම් පරීක්ෂාකර බලා අලුත්වැඩියා කටයුතු සිදුකළ බවද, එහිදී අවශ්‍ය වන අමතර කොටස් විදෙස් රටවලින් ගුවන් මගින් ගෙන්වා 2025 ජනවාරි 12 වන විට අලුත්වැඩියාවන් අවසන් කර නිෂ්පාදන කටයුතු ඇරඹි බවද පැවසුවේය.

නිෂ්පාදන ධාරිතාවය වැඩිකර ගැනීමට බලාපොරොත්තුවක් පැවති බවද, ඒ අනූව අඩ්පාඩු හදුනාගනිමින් ඒවා පිළිසකර කළ බවද පැවසූ සභාපතිවරයා දැන් වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව පැය 24ම ක්‍රියාත්මක වන තත්ත්වයට රැගෙන ආ බවද ඒ අනූව පෙර සිදුකළ නිෂ්පාදනය දෙගුණ කරගැනීමට හැකිවූ බවද අවධාරණය කළේය.

ඒ අනූව මැයි වන විට සියලු වියදම් වියදම් සපුරාගත හැකි නිෂ්පාදනයක් ඇති කරගත් බවද ජූලි මාසයේ සිට මෙහෙයුම් ලාභයක් සහිතව ක්‍රියාත්මක වන බවද පැවසුවේය. ජාතික කඩදාසි සමාගම යටතේ පැවති අනෙක් කර්මාන්ත ශාලාව වන ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව 2023 දී අවුරුදු 30කට පෞද්ගලික අංශයට බදුදී ඇතැයිද ඒ අනූව 2023 සිට පෞද්ගලික සමාගමක් විසින් ඇඹිලිපිටිය කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන පවත්වාගෙන යන බවද පැවසුවේය. ඔවුන් හොදින් එම කර්මාන්තශාලාව කරගෙන යන බවද එම නිෂ්පාදන අපනයනය කරන බවද සදහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...