සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
ඒ අනුව ඔහු පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරමින් දැනුම් දී ඇත්තේ සමගි ජන බලවේගයේ කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක ධුරයෙන් සහ පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති, විපක්ෂ නායක වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික යන සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බවයි.



