සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඇමරිකානු ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වන Breaking Bad හි Walter White ගේ පුත්‍රයා වන Walter White Jr. චරිතය නිරූපණය කළ නළු RJ Mitte වයස අවුරුදු 34දී මියගොස් තිබේ.
ඔහු ටෙක්සාස් ප්‍රාන්තයේ බ්‍රවුන්ස්විල්හිදී මියගොස් ඇති අතර, මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලිසිය සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බවයි.
මස්තිෂ්ක අංශභාග තත්ත්වය සහිත පුද්ගලයෙකු වූ Mitte, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ සමාජ පිළිගැනීම වෙනුවෙන් ද කටයුතු කල අතර ඔහුගේ රංගනය වෙනුවෙන් 2014 වසරේදී Screen Actors Guild සම්මානයක් ද හිමි විය.
ඔහුගේ වියෝව සම්බන්ධයෙන් Breaking Bad හි සහෝදර නළු ආරන් පෝල් ඇතුළු රංගන ශිල්පීන් ශෝකය පළ කර තිබේ.

