IMF මුළුමනින්ම අත්හරින තැනකත් නෑ, යා යුතුමයි කියන තැනත් නෑ. අපට තව මාස 6ක් තියෙනවා – ජනපති

සටහන – රුවන් නෙළුගොල්ල

ලබන වසරේදී නැවතත් ජාත්‍යන්තර අරමුදල (IMF) සමග වැඩසටහනකට යන්නේද යන්න පිළිබඳව තවමත් සාකච්ඡා කරමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපි දැනට රේටිංස්වලින් ඉහළට ඇවිල්ලා තියෙනවා, නමුත් තවත් පියවරක් අපි ඉදිරියට යන්න ඕනේ. අපේ විදෙස් සංචිත ප්‍රමාණය අපි අපේක්ෂා කරන මට්ටමට තව ළඟාවිය යුතුව තිබෙනවා. මේ සාධක පරිපූර්ණ කරගන්න පුළුවන්නම් අපිට යා හැකියි. නමුත් ලෝකයේත් යම් අවිනිශ්චිතභාවයක් ඇතිවෙලා තිබෙනවා. මේ මාස 8ට අපිට බිලියන 4ක් වැයවෙලා තිබෙනවා ඉන්ධන ආනයනයට. ඒ කියන්නේ වසරෙන් තුනෙන් දෙකක් ගතවෙද්දී. ඒ විදියට බැලුවොත් අපිට බිලියන 6ක් යනවා මේ වසරේ ඉන්ධන ආනයනයට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පළවෙනි විස්තීර්ණ ණය වැඩසටහන ඒ අවුරුදු 4 ඉලක්කය වුණේ අපේ ස්ථාවරභාවය ළඟාකර ගන්න එක. මම හිතන්නේ අපි සැලකිය යුතු ප්‍රමාණයකින් ස්ථාවරභාවය ළඟා කරගෙන තියෙනවා සෑම අතින්ම. දැන් අපි ඊළඟ සැලසුම වෙන්නේ මේ ස්ථාවරභාවය ආරක්ෂා කරමින් කොහොමද අපි වර්ධනය අත්පත් කර ගන්නේ කියන එක. ඉතින් මම හිතන්නේ අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්තියි. අපේ ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් තියෙන කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් පවතිනවා මොනවගේ ප්‍රෝග්‍රෑම් එකටද යන්න ඕනෙ කියලා. ඒක මත තමයි තීරණය වෙන්නේ. තව මාස හයක විතර කාලයක් අපිට ඉතිරි වෙලා තිබෙනවා. නමුත් අපි මුළුමනින්ම අත්හරිනවා කියන තැනකත් නැහැ, යා යුතුමයි කියලා එකකුත් නැහැ. අපි විවෘත තැනක ඉන්නවා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වුණු 2026 ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාර සැලසුම් කළ බවට ඉරානයට බ්‍රිතාන්‍යයෙන් චෝදනා – ඉරාන ජාතිකයන් දෙදෙනෙකුට සම්බාධක

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඉරානයේ විප්ලවීය...

සෞදි අගනුවරට අඛණ්ඩව තෙවැනි දිනටත් හූති ප්‍රහාර

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: යේමනයේ හූති...

‘Breaking Bad’ නළු RJ Mitte වයස අවුරුදු 34දී මියයයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඇමරිකානු...

පළාත් පහකට මි.මී. 100 – 150 තද වැසි – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 13) දිනයේදී ගිනිකොණ දිග...