රිමාන්ඩ් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමරට විශේෂ ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW :

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චමර සම්පත් දසනායක මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඔහු දැනට කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටී.

ඊයේ පස්වරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් මෙම මන්ත්‍රීවරයා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර පොස්ෆේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් මිලියන 8.1ක අල්ලසක් ඉල්ලා සිටීම සහ එම මුදල් දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමේ අරමුණින් සිය ලේකම් සුමතිපාල ලියනආරච්චිගේ බැංකු ගිණුමකට බැර කරවා ගැනීම මෙන්ම, මැණික් ව්‍යාපාරිකයන් තිදෙනෙකුගෙන් අමතරව රුපියල් මිලියන 2.4ක අල්ලසක් ලබා ගැනීම යන චෝදනා මෙම මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී සංරක්ෂණය වෙනුවෙන් තවත් වැදගත් පියවරක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි නාකලගනේ රාජමහා...

අයිස් සහ කුෂ් (Kush) සමඟ අම්බලන්ගොඩ ධීවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ඇල්පිටිය කොට්ඨාස දූෂණ...

ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාර සැලසුම් කළ බවට ඉරානයට බ්‍රිතාන්‍යයෙන් චෝදනා – ඉරාන ජාතිකයන් දෙදෙනෙකුට සම්බාධක

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: ඉරානයේ විප්ලවීය...

සෞදි අගනුවරට අඛණ්ඩව තෙවැනි දිනටත් හූති ප්‍රහාර

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 13: යේමනයේ හූති...