පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW :

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන පොදු සංචිතය මේ වන විට නිල වශයෙන් නම් කර තිබේ.

මෙම සංචිතයේ විශේෂත්වයක් වන්නේ කුසල් මෙන්ඩිස් පළමු වරට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්ව තිබීමයි.

නවක ක්‍රීඩකයෙකු වන අංජල බණ්ඩාර ද මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර, පැතුම් නිස්සංකගේ අවසන් ක්‍රීඩා කිරීම තීරණය වන්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතා මට්ටම පදනම් කරගෙනය.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම විසින් තරගාවලියට මුහුණ දෙනු ඇත.

මෙම ද්විපාර්ශ්වික ටෙස්ට් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 9 වැනි දින සිට 21 වැනි දින දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගරවලදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා සංචිතය –

1. පැතුම් නිස්සංක
2. පසිඳු සූරියබණ්ඩාර
3. දිනේෂ් චන්දිමාල්
4. කමිඳු මෙන්ඩිස්
5. සොනාල් දිනූෂ
6. කුසල් මෙන්ඩිස් (නායක)
7. ධනංජය ද සිල්වා
8. අංජල බණ්ඩාර
9. කේෂර නුවන්ත
10. ප්‍රභාත් ජයසූරිය
11. මිලාන් රත්නායක
12. ලහිරු කුමාර
13. අසිත ප්‍රනාන්දු
14. දිල්ෂාන් මධුශංක
15. එෂාන් මාලිංග

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 13: ස්වාභාවික විපත් වළින් තොර සුරක්ෂිත හෙටක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ස්වාභාවික විපත් පාලනය...

ශිරන්ති රාජපක්ෂට එරෙහි නඩුව : හෘද සැත්කමකට භාජනය කරලා?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : අල්ලස් කොමිසම මගින්...

දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 72කට නව නිවාස ඉදිකිරීම ඇරඹේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්...

GovPay සහ LankaQR මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකාවේ ඩිජිටල් විප්ලවය IMF අගය කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඩිජිටල්...