-ආචාර්ය ප්‍රභාත් වීරසිංහ තොරතුරු තාක්ෂණ විද්‍යා පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය.
(Seed Fund) ප්‍රධාන අරමුණ වන්නේ සුළු සමාගම් කිහිපයකට පමණක් මුදල් බෙදාහැරීම නොවේ. මූලධනය, තාක්ෂණය, සන්නාමකරණය, අලෙවිකරණය, ජාත්‍ය තර සහතිකකරණය, ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධතා සහ මඟපෙන්වීම එකට එක්කරමින් ව්‍යාපාර 10,000ක් ආරම්භ කිරීමය.
මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික, ක්‍රියාකාරකම්වල සමස්ත වටිනාකම US ඩොලර් බිලියන 100ක් තරම් වේ. එය අප විසින් ඉක්මනින් වර්ධනය කරගත යුතුව ඇත. එය ප්‍රමාණාත්මකව නම්, US ඩොලර් බිලියන 300ක තරම්ය. ශ්‍රී ලංකාව එවැනි ආර්ථිකයක් කරා රැගෙන යෑමට වසර 2027 වසරේ ජාතික අයවැයෙන් ඇරඹුමක් ගත යුතුය. මේ ඇරඹුම ‘Sri Lanka Global Business & Innovation Seed Fund’ ලෙසින් නම් කර ඇත. මේ ජාතික වැඩපිළිවෙළ පිළිබඳව රුහුණ විශ්වවිද්‍යාලයේ, තොරතුරු තාක්ෂණ විද්‍යා පීඨයේ, ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මේ ලිපිය සැකසේ.
ව්‍යාපාර 10,000කින් ගෝලීය සමාගම් 100ක් දක්වා ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය විශාල සමාගම් කිහිපයක් මත පමණක් රඳවා තැබීමේ පැරණි මොඩලයෙන් මිදිය යුතුය. ඒ වෙනුවට නව ව්‍යාපාර දහස් ගණනක් ආරම්භ කර, ඒවායින් ගෝලීය වෙෙළඳපොළ ජයගත හැකි සමාගම් සිය ගණනක් නිර්මාණය කිරීම අරමුණු කරගත යුතුය. ඒ සඳහා රජය, පෞද්ගලික අංශය, විදේශ ආයෝජකයන්, ශ්‍රී ලාංකික ඩයස්පෝරාව, බැංකු පද්ධතිය සහ ජාත්‍යන්තර සංවර්ධන ආයතන එකතු කරමින් National Startup & Export Seed Fund එකක් ස්ථාපිත කිරීම යෝජනා වේ.
මෙම Seed Fund හි අවසාන ඉලක්කය වන්නේ,
1. නව ව්‍යාපාර 10,000ක් ආරම්භ කිරීම
2. අපනයනකරුවන් 1,000ක් බිහිකිරීම
3. ගෝලීය සමාගම් 100ක් නිර්මාණය කිරීම
මෙයට සමගාමීව, දැනට ආර්ථික අර්බුද හේතුවෙන් ඇදවැටී ඇති නමුත්, සැබෑ ශක්‍යතාවක් සහිත ව්‍යාපාර නැවත නඟාසිටුවීම සඳහා Entrepreneur Fresh Start – Credit Rehabilitation Programme වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුය. මේ සියල්ල එකතු වූ විට ක්‍රියාත්මක වන ජාතික ආර්ථික සූත්‍රය වන්නේ, STARTRESET REBUILDSCALEEXPORTGLOBALISE යන්නයි.
ප්‍රමුඛතා ක්ෂේත්‍ර 11
මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා විශේෂිත ප්‍රමුඛතා ක්ෂේත්‍ර 11ක් හඳුනාගෙන ඇත. ඉන්දියන් සාගරයේ සාගර හා නාවික ව්‍යාපාරික මධ්‍යස්ථානය කොළඹ, හම්බන්තොට සහ දිවයිනේ අනෙකුත් වරායන් පදනම් කරගනිමින් නව ව්‍යාපාර සඳහා Seed Funding ලබා දිය යුතුය. විශේෂයෙන්ම Multi-Country Consolidation, Value-Added Logistics සහ Multimodal Logistics Parks වැනි ක්ෂේත්‍ර ශ්‍රී ලංකාවේ 2026-2030 රාජ්‍ය ආයෝජන සැලසුම්වලද ප්‍රමුඛතා ලෙස ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව මඟින් හඳුනාගෙන ඇත. වරාය ආශ්රිත සේවා, ගබඩා පහසුකම්, ඇසුරුම්, නැව් අලුත්වැඩියාව, Bunkering, Maritime technology, Cargo tracking platforms, සහ ප්‍රාදේශීය බෙදාහැරීමේ මධ්‍යස්ථාන මින් ප්‍රධාන වේ.
ප්‍රති-අපනයන සහ ගෝලීය
වෙෙළඳ මධ්‍යස්ථානය
ශ්‍රී ලංකාව භාණ්ඩ නිෂ්පාදනය කරන රටක් පමණක් නොව, භාණ්ඩ ගබඩා කර, අගය එකතු කර නැවත අපනයනය කරන ප්‍රාදේශීය වෙෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් විය යුතුය.
ඉන්දියාවශ්‍රී ලංකාවඅප්රිකාව / මැදපෙරදිග
චීනයශ්රී ලංකාවඅප්රිකාව
අග්නිදිග ආසියාවශ්‍රී ලංකාවමැදපෙරදිග
වැනි ගෝලීය සැපයුම් දාමයන් සඳහා ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම, නිදහස් වෙෙළඳ ගිවිසුම් සහ වරාය පහසුකම් භාවිත කරමින් මධ්‍යස්ථානයක් විය හැකිය.
ගෝලීය සේවා සැපයුම
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සම්පත වන මානව සම්පත සහ සන්නිවේදන කුසලතා උපයෝගි කරගනිමින්, Seed Fund අරමුදල හරහා තොරතුරු තාක්ෂණය, AI, BPO, KPO, ඉංජිනේරු, නීති, ගිණුම්කරණය සහ ඩිජිටල් අලෙවිකරණය වැනි ගෝලීය සේවා අපනයන සමාගම් ආරම්භ කිරීමත්, එමඟින් තරුණ පරපුර රැකියා සොයන්නන්ගේ තත්ත්වයෙන් මුදාගෙන ලෝකයට සේවා අපනයනය කරන ව්‍යවසායකයන් බවට පත්කිරීමත් මෙහි ප්‍රධාන ඉලක්කය වේ.
අමු කෘෂිකාර්මික නිෂ්පාදන ලෙස ද්‍රව්‍ය පිටරට යැවීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන සඳහා Seed Funding ලබාදිය යුතුය. පලතුරු, එළවළු, කුළුබඩු, පොල් නිෂ්පාදන, කුරුඳු, ගම්මිරිස්, කාබනික ආහාර, සැකසූ ආහාර, මුහුදු ආහාර සහ මල් වගාව වැනි ක්ෂේත්‍ර මෙහිදී ප්රමුඛ වේ. ගොවියාසැකසීමසන්නාමකරණයසහතිකකරණයගෝලීය අලෙවිකරණයඅපනයනය යන සම්පූර්ණ අගය එකතු කිරීමේ දාමය ගොඩනැඟිය යුතුය.
නූතන පාලිත පරිසර කෘෂි කර්මාන්තය නව පරපුරේ කෘෂි කර්මාන්තය උදෙසා Greenhouses, Vertical farming, Hydroponics, Precision agriculture, Smart irrigation, Climate-controlled farming, AgriTech සහ අපනයන ඉලක්ක කරගත් ගොවිපළ සඳහා ආයෝජනය කළ යුතුය. මෙම නිෂ්පාදන දේශීය වෙෙළඳපොළට පමණක් නොව ගල්ෆ් කලාපය, ඉන්දියාව, යුරෝපය සහ ආසියානු වෙෙළඳපොළ ඉලක්ක කරගත යුතුය.
ඖෂධ නිෂ්පාදනය
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ විශාල වශයෙන් ආනයනය කිරීමේ තත්ත්වය වෙනස් කර Local Production Regional Export මොඩලයට අවතීර්ණ විය යුතුය. සාමාන්‍ය ඖෂධ, වෛද්‍ය පරිභෝජන ද්‍රව්‍ය, ඖෂධ ඇසුරුම්, ශාකසාර ඖෂධ, ආයුර්වේද නිෂ්පාදන, වෛද්‍ය උපකරණ සහ රසායනාගාර නිෂ්පාදන වැනි ව්‍යාපාර සඳහා Seed Funding ලබා දීමෙන් විදේශ විනිමය ඉතිරි කරගන්නා අතරම නව අපනයන ආදායම් මාර්ගද විවර වේ.
සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය
දේශීය වෛද්‍ය සේවා, ආයුර්වේදය, සුවතාව , පුනරුත්ථාපන සේවා සහ සංචාරක ව්‍යාපාරය එකට යා කරමින් ‘Sri Lanka Health & Wellness Hub’ නිර්මාණය කළ හැකිය. මෙයින් විදේශීය රෝගීන් මෙන්ම ඔවුන් සමඟ පැමිණෙන පවුල්වල සාමාජිකයන්ගෙන්ද සංචාරක ආදායම් උපයාගත හැකිය. වෛද්‍ය විද්‍යාල, පෞද්ගලික රෝහල්, ආයුර්වේද මධ්‍යස්ථාන සහ හෝටල් පද්ධතිය එක් කරමින් ජාත්‍යන්තර මට්ටමේ Health packages නිර්මාණය කළ යුතුය.
‘ලංකා තේ’ හිමිකම
තේ කොළ තොග වශයෙන් විකිණීමේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී සිලෝන් තේඋසස් තත්ත්වයේ වෙළඳ නාමය ගෝලීය සිල්ලර වෙෙළඳ නාමය තත්ත්වයට පරිවර්තනය විය යුතුය. Seed Fund මඟින් නව ශ්‍රී ලාංකික තේ සන්නාම සඳහා වෙෙළඳ නාමකරණය, ඇසුරුම්කරණය, විදත් වාණිජ්‍යය, ඩිජිටල් අලෙවිකරණය, ජාත්‍යන්තර සහතිකකරණය, ගෝලීය බෙදාහැරීම සහ ෆ්‍රැන්චයිස් ආකෘති සඳහා මූල්‍ය සහ තාක්ෂණික සහාය ලබා දිය යුතුය.
මැණික් හා ස්වර්ණාභරණ
ශ්‍රී ලංකාවේ වටිනා නිල් මැණික් සහ ස්වර්ණාභරණ සඳහා ජාත්‍යන්තර ඩිජිටල් අලෙවිපොළක් ලෙස ‘Sri Lanka Global Gem & Jewellery Portal’ ස්ථාපිත කළ හැකිය. ලියාපදිංචි විකුණුම්කරුමැණික් සහතික කිරීමඩිජිටල් ලැයිස්තුගත කිරීමජාත්යන්තර ගැනුම්කරුආරක්ෂිත ගෙවීමඅපනයනය යන විනිවිදභාවයෙන් යුතු ඩිජිටල් ක්‍රියාවලිය හරහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් ආකර්ෂණය කරගත හැකිය. Duty Free සංකල්ප ක්‍රියාත්මක කිරීමේදී රජයේ බදු ආදායම්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ නීති (AML/CFT) සහ රේගු පාලනයන් සුරකිමින් විශේෂ බන්ධිත / නිදහස් වෙෙළඳ යන්ත්‍රණයක් සලකා බැලීම ප්‍රායෝගික වේ.
ව්‍යවසායකයාට නව ඇරඹුමක්
ආර්ථික අර්බුද හමුවේ CRIB කළු ලැයිස්තුවට ලක්ව අඩපණ වී සිටින දේශීය ව්‍යවසායකයන් උදෙසා ජාතික ව්‍යවසායක නව ආරම්භක සහ ණය ප්‍රති සැකසුම් වැඩසටහනක් අත්‍යවශ්‍ය වේ. මෙය හුදෙක් ණය කපා හැරීමක් (CRIB Zero) නොව ක්‍රමවත් ණය පුනරුත්ථාපන වැඩපිළිවෙළකි.
මූල්‍යමය වශයෙන් පීඩනයට පත්ව ඇති නමුත් ක්‍රියාකාරි ව්‍යාපාර අර්බුදයට පත්ව ඇති නමුත් නැවත නැඟී සිටිය හැකි ව්‍යාපාර ක්‍රියාත්මක කළ නොහැකි ව්‍යාපාර යන අංශ තුනට වෙන වෙනම විසඳුම් ලබා දෙමින් ප්‍රතිමූල්‍යකරණය, ප්‍රතිව්‍යූහගත කිරීම, කාරක ප්රාග්ධනය සහ නැවුම් ආරම්භක සහතිකය සහ නව ආරම්භක සහතිකය එකක් ලබා දිය යුතුය. මෙහිදී අර්ධ ණය ඇපකරය ක්‍රමවේදයක් (බැංකුව 70%, රජය 20%, ව්‍යවසායකයා 10%) යටතේ ‘නව විනයක් නොමැතිව නව මුදල් නැත’ යන තදබල මූල්‍ය විනය ප්‍රතිපත්තිය මත කටයුතු කළ යුතුය.
ජාතික ආර්ථික පරිවර්තනය1
මෙම ආරම්භක අරමුදලේ (Seed Fund) ප්‍රධාන අරමුණ වන්නේ සුළු සමාගම් කිහිපයකට පමණක් මුදල් බෙදාහැරීම නොව, මූලධනය, තාක්ෂණය, සන්නාමකරණය, අලෙවිකරණය, ජාත්‍යන්තර සහතිකකරණය, ගෝලීය වෙළෙඳපොළ සම්බන්ධතා සහ මඟපෙන්වීම එකට එක්කරමින් ව්‍යාපාර 10,000ක් ආරම්භ කර, ඒවායින් 1,000ක් අපනයනකරුවන් බවටත්, අවසානයේ 100ක් ගෝලීය දැවැන්ත සමාගම් බවටත් පත්කර සමස්ත ජාතික ආර්ථිකයම විශාල පරිවර්තනයකට ලක් කිරීමයි.
ව්‍යවසායකයාට පණිවිඩයක්
මෙම පෙරළිකාර උපායමාර්ගික වැඩපිළිවෙළ මඟින් ශ්‍රී ලාංකේය ව්‍යවසායකයාට ලබා දෙන ප්රබලතම පණිවිඩය වන්නේ: ‘ඔබේ අතීත මූල්‍ය ගැටලුව ඔබේ ව්‍යාපාරයේ අනාගතය සම්පූර්ණයෙන් තීරණය නොකරයි. ඔබේ ව්‍යාපාරය ශක්‍ය එකක් නම්, ඔබට නැවත ආරම්භ කිරීමට සහ ලෝකය ජය ගැනීමට පූර්ණ අවස්ථාවක් තිබේ’ යන්නයි. 2027 ජාතික අය-වැයෙන් ඇරඹුම ගනිමින් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 300ක ගෝලීය ආර්ථික බලවතකු බවට පත් කිරීමේ මෙම ජාතික සැකසුම, අප රට හමුවේ ඇති වඩාත්ම ප්‍රායෝගික සහ කාලෝචිත ආර්ථික මාවතයි.
ජයසිරි මුණසිංහ
දිනමිණ ඇසුරිණි


