සුසල් ගේ ග්‍රෑන්ඩ් මාස්ටර් සිහිනයට ඉතාලියෙන් අකුල් හෙළිම්

Date:

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් චෙස් ශ්‍රේණිගත කිරීම් හී 2500 අගය පසු කරන ලද පළමු අවස්ථාව වාර්තා කළ යොවුන් චෙස් සූර සුසල් ද සිල්වා ගේ ග්‍රෑන්ඩ් මාස්ටර් හීනයට ළඟාවීමේ අවස්ථාවට බාධා ඇතිවන පරිදි ඉතාලියේ පැවත්වෙන FIDE ලෝක කණිෂ්ඨ (U-20) චෙස් ශූරතාවලියේ 2022 තරඟාවලිය සඳහා වීසා ලබා දීම ඉතාලි තානාපති කාර්යාලය මඟ හැර තිබෙනවා.මේ වීසා ප්‍රතික්ෂේප කිරීම නිසා සුසල් ට පමණක් නොව,ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ තරගාවලියට එක් වීමට සිටි නබීල් නසාර්ට සහ දෙසඳි ගමගේ ට ද එම සූරතාවලිය නියෝජනය කරන්නට අවස්ථාව හිමි වන්නේ නැහැ.

රුමේනියාවේ පැවති තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක් වූ සුසල් කණිෂ්ඨ තරගාවලියේදි වඩා විශිෂ්ඨ ප්‍රතිපල අත් කර දෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි මම්ටමක සිටියදී ඉතාලි තානාපති කාර්යාලය කරන ලද මෙම ක්‍රියා කළාපය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක්.චෙස් සංගමය අදාළ කටයුතු සුපුරුදු පරිදි කර ඇති බවත්,ක්‍රීඩා අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතීන් සහ මැදිහත්වීම් නිසි ආකාරයට සිඳු වී ඇති බවත් වාර්තා වන අතර ඉතාලි තානාපති කාර්යාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන්ද දිණ ගණනක් තානාපති කාර්යාලයේ රඳවා රස්තියාදු කර තීරණාත්මක මොහොතේදී විසා ප්‍රතික්ෂේප කරමින් ක්‍රියා කර ඇති බව පැවසෙනවා.

තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන මේ තිදෙනා සම්බන්ධයෙන් ඉතාලි තානාපති කාර්යාලය කටයුතු කර තිබෙන ආකාරය සැක කටයුතු බවක් ගන්නා බව සිඳුවීම නිරීක්ෂනයේදී පැහැදිළිය.ඒ නිසා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කීඩා අමාත්‍යංශය මැදිහත්ව මේ සිඳුවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා පරීක්ෂණයක් ඉල්ලා සිටීම වැදගත්ය.සැප්තැම්බර් 22දින සිට මෙි විසා ලබා දීම සඳහා පරික්ෂා කිරීම වෙනුවට වගකීමෙන් ඉවත්වීම සහ පැහැර හැරීමේ තත්ත්වයක් එම හැසිරීම් තුල දකින්නට ලැබෙන බැවින් ලෝක චෙස් ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ස්ථානයක් මඟ හරිමින් ඉතාලි තානාපති කාර්යාලය කටයුතු කර තිබෙන බවක් මේ සිඳුවීම නිරීක්ෂනය කිරීමේදි දකින්නට ලැබෙන බැවින් ඒ සමබන්ධයෙන් වන පරීක්ෂණය දෙරටේම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය ශක්තිමත් කරන ක්‍රියාවක් වනු ඇති බව සිතිය හැකිය.
සුසල් කොළඹ නාලන්දා විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩකයෙකි.දෙසදි කොළම සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයත් නබීල් ගේට්වේ ජාත්‍යන්තර පාසලත් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වඳින්නට සුදුසුකම් ලබා ගෙන ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු...

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”