75 වන නිදහස් දින සමරු උත්සවය “එක්ව නැගිටිමු” තේමාව යටතේ

Date:

ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

“එක්ව නැගිටිමු ” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

75 වන නිදහස් දින සමරු උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ‍යේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

නිදහස් දින සමරු උළෙලට සමගාමීව විවිධ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර පාපැදි සවාරිය, පාසල් දරු දැරියන් සඳහා වූ තරගාවලිය, ඓතිහාසික හා දුර්ලභ පොත් ප්‍රදර්ශනය එහි ප්‍රධාන අංගයන් වෙයි.

එමෙන්ම නිදහස් සමරුව නිමිත්තෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2000ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය.

පෙබරවාරි 4 සහ 5 දෙදින ජාතික උද්‍යාන ජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙන අතර 75 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව සමරු මුද්දරයක් ද නිකුත් කෙරේ.

නිදහස් සමරු උත්සවයේ සංවිධාන කමිටුව අනුකමිටු 10 කින් සමන්විත අතර නිදහස් දින උළෙල නැරඹීම සඳහා මහජනතාවට විවෘත ආරාධනයක් සිදු කෙරේ.

මේ හා සමගාමීව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මූලික කර ගනිමින් විවිධ සංස්කෘතික, ආගමික හා සමාජයීය වැඩසටහන් සංවිධාන කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

හොඳම ගෙවතු වගාව, හොඳම ග්‍රාමීය පුනර්ජීවන කේන්ද්‍රය, හොඳම රුක් රෝපන වැඩසටහන් ආදී වශයෙන් ග්‍රාමීය වැඩසටහන් රැසක් ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම නිදහස් සැමරුම් දින දිවයිනේ සියලු රාජ්‍ය ආයතන සතු ගොඩනැගිලිවල ජාතික ධජය ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දී ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ද, එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා මෙන්ම කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...