රට ශක්තිමත් කළ ගමන් ජනපති රනිල් මැතිවරණ වැලක්ම දෙයි – එජාප සභාපති

Date:

රට නැවතත් ශක්තිමත් කළ සැණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණ වැලක්ම ලබාදෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

එසේවෙතත් මේ මොහොතේ අවශ්‍ය වී ඇත්තේ මැතිවරණයක් නොව රට ජාතික මාවතකට ගැනීම සඳහා අරගලයක් බව පැවසූ ඒ මහතා මේ මොහොතේ මැතිවරණයක් ඉල්ලීම යනු රට නැවතත් කුණු බක්කියට ඇද දැමීමක් බවයි සඳහන් කළේ.

ඇදවැටුණු රට අනිවාර්යයෙන්ම ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔසවා තබනු ඇති බවත් වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර බොහෝ දේශපාලනඥයින් ඉල්ලුවේ ඡන්දයක් නොව හැංගෙන්නට තැනක් බව සිහිපත් කළ ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගෙන කෙටි කාලයක් ඇතුළත රට යම් සාමාන්‍ය තත්වයකට රැගෙන පැමිණ ඇති බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...