තානාපති සාවිත්‍රි පානබොක්කේ කොරියානු ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

Date:

කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි අයි. පානබොක්කේ මැතිනිය, 2022 ඔක්තෝබර් 11 වැනි දින කොරියානු ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයක් අතරතුර, කොරියානු ජනරජයේ ජනාධිපති යූන් සුක්- යූල් මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවා ය. 

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව තානාපතිනිය එරට ජනාධිපතිවරයා සමඟ හමුවක් පැවැත්වූවා ය. එරට විදේශ කටයුතු අමාත්‍ය පාර්ක් ජින් මැතිතුමා ද මෙම හමුවට සහභාගී විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිය මිත්‍ර පාර්ශ්වය වෙත පිරිනැමූ උණුසුම් සුබපැතුම් පළ කළ තනාපති පානබොක්කේ මැතිනිය, කොරියානු ජනරජය සමඟ පවත්නා සහයෝගීතාව ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව  කැමැත්තෙන් පසුවන බව සඳහන් කළා ය.  කොරියානු ජනරජය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ලබා දී ඇති රැකියා අවස්ථා පිළිබඳව ද, තානාපතිනිය ජනාධිපති මැතිතුමා යූන් වෙත සිය ස්තූතිය පුද කළා ය. ශ්‍රී ලංකා තානාපතිනිය කොරියානු ජනරජය වෙත සාදරයෙන් පිළිගත් ජනාධිපති යූන් මැතිතුමා, දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා සිහිපත් කළේ ය.

2000 වසරේ දී ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු තානාපති පානබොක්කේ මැතිනිය බ්‍රසල්ස්, සිංගප්පූරුව, වියානා සහ නිව්යෝර්ක් ඇතුළු විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක සේවය කොට ඇත. තානාපති ධුරයට පත්වීමට පෙර එතුමිය විදේශ කටයුතු අමාත්‍යංශයේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළා ය.

පානබොක්කේ මැතිනිය සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ඇත.

දෙවැනි ලේකම් සචිනි ඩයස් සහ අමාත්‍ය උපදේශක (වාණිජ) රේඛා මල්ලිකාරච්චි යන මහත්මීහු ද තානාපතිනිය සමඟ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

සෝල් 

2022 ඔක්තෝබර් 13 වැනි දින 

……………………………………………..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...