තවත් ඖෂධ වංචාවක් පිළිබඳ විපක්ෂ නායක සජිත්ගෙන් අනාවරණයක් (VIDEO)

Date:

මේ මොහොත වන විට රජය සහ අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල ඖෂධ සපයන ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇති බවත්, හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (IV IG) යන අත්‍යාවශ්‍ය ඖෂධය කූඨ ලේඛන සකස් කර සුපුරුදු පරිදි හොර රහසේ, ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකොට, ලියාපදිංචි කිරීමකින් තොරව මෙරටට ගෙන්වා ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවැනි ක්‍රියාවලට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් රැගෙන ආ බවත්, එහෙත් මෙවැනි බාල ඖෂධ ගෙන්වමින් ජනතාවගේ ජීවිත සමග සිදුකරන සෙල්ලම අනුමත කරමින් 113 දෙනෙකු සිය ඡන්දය භාවිත කළ බවත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.

අදාළ ඖෂධය ස්නායු රෝගීන්ට හා හදවත් රෝගීන්ට භාවිත කරන ඖෂධයක් බවත්, එම ඖෂධය නොමැති වුවහොත්, බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බවට විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු ඇඟවූ බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මෙවන් බරපතල සෞඛ්‍ය ගැටලුවක් නිර්මාණය කළ හා දූෂිත ජාවාරමක නිරතවන සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ජනාධිපතිවරයා කටයුතු නොකිරීම හෙළාදකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 අයවැය:අවසන් වාර්තාව ජනාධිපතිගේ නිරීක්ෂණයට!

කොළඹ LNW:2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර...

දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය වෙනස් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : අද (06) දිනයේ...

චීනයත් ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි!

කොළඹ LNW:පසුගියදා ඇමරිකාව ද චීනයට පැනවූ තීරුබදු වසරකට අත්හිටුවීමට...

NPP දෙවන අයවැය හෙට!

කොළඹ LNW: ජාතික ජන බලවේගය රජයේ 2026 වසර සඳහා...