ස්වභාවික ආපදා සඳහාත් ජාත්‍යන්තර දිනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇති ස්වභාවික ආපදා අවදානම අවම කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය අදට (13) යෙදී ඇත. මෙම දිනය ක්‍රියාත්මක වන්නේ 1989 වසරේ සිටයි.

මෙම ජාත්‍යන්තර දිනය වෙනුවෙන් , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් ලොව පුරා සිටින මිනිසුන් ආපදාවලට නිරාවරණය වීම පාලනය කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ලොව පුරා පැවැත්වෙන බව සඳහන් වේ.

දේශගුණික විපර්යාස සමග ඇති වන ආපදා හේතුවෙන් ගෝලීය තිරසාර සංවර්ධනය මත ඍණාත්මක බලපෑම් එල්ල වන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සංවිධානය පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ස්වභාවික ආපදා හේතුවෙන් ලෝකයේ වසරකට මියයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 60,000කට අධික බවත්, දේශගුණික විපර්යාස සමග ඇති වන ගෝලීය ආපදාවලින් 75%ක් පමණ කාබන් විමෝචනය ඉහළ යාම හමුවේ සිදුවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...