ගාසාහි මිලියන 1.1 ක සිවිල් වැසියන්ට දකුණට යාමට ඊශ්‍රායලයෙන් නියෝග

Date:

සටහන – සශිකලා මධුෂාණි

හමාස් සටන්කාමීන් ගාසා තීරයට ම්ලේච්ජ ආක්‍රමණයක් කර දින 7ක් ගෙවෙන් තැන ගාසා තීරයේ උතුරේ වෙසෙන මිලියන 1.1 ක ජනතාවක් පැය 24 ක් ඇතුළත ඉවත් වන ලෙස ඊශ්‍රායල අනතුරු ඇඟවීම් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ගාසා තීරය යනු ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රදේශ වලින් එකක් වන අතර එහි සෑම වර්ග කිලෝමීටර් 365 ක පමණ භූමි ප්‍රදේශයක මිලියන දෙකකට අධික ජනතාවක් ජීවත් වෙති. එබැවින් සෑම වර්ග කිලෝමීටරයකටම පුද්ගලයින් 5,700 ක් පමණ සිටින අතර, එය ලන්ඩනයේ ජන ඝනත්වයට බෙහෙවින් සමාන ය.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මේ වන විට ඊශ්‍රායලයේ සිටින අතර මේ වන විට පෙන්ටගනය ඊශ්‍රායලයට අතිරේක හමුදා වත්කම් යැවීමට සූදානම් වන බවත්, යුධෝපකරණ, ගුවන් ආරක්ෂක හැකියාවන් සහ අනෙකුත් උපකරණ දැනටමත් එක්සත් ජනපදයෙන් ඊශ්‍රායලයට පැමිණෙමින් තිබෙන හෙයින් ඔහු ඉල්ලා තිබුණේ, හැකි ඉක්මනින් ගාසාහි සිවිල් වැසියන්ට ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙසයි.

හමාස් ත්‍රස්තවාදීන් ගාසා නගරය යටතේ උමං මාර්ගවල සැඟවී සිටින බවට ඊශ්‍රායල හමුදාව විශ්වාස කරන අතර සියලුම සිවිල් වැසියන් ඉවත් කර මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීම අපේක්ෂා කෙරේ.

මෙම ඉවත්කිරීමේ නියෝගය සම්බන්ධයෙන් ගාසා තීරය පාලනය කරන හමාස් කණ්ඩායම පැවසුවේ, ඊශ්‍රායල හමුදාවේ ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම ව්‍යාජ ප්‍රචාරණයක් වන බවත්, ඊශ්‍රායලය විසින් ගෙන යනු ලබන මෙම පිළිකුල් සහගත මානසික යුද්ධය හමුවේ නොසැලී සිටින ලෙසත්ය.

හමාස් ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ මේ වන විට 1,300කට අසන්න පිරිසක් මියගොස් ඇති අතර ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය විසින් ගාසා හමාස් ඉලක්ක වෙත දියත් කරන ලද බෝම්බ ප්‍රහාරවලින් 1,500 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...