ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාව සාර්ථකයි – GMOA

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර අද (13) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජා සාර්ථක බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

සිය සංගමය විසින් ඉදිරිපත් කළ කරුණු වලට ජනාධිපතිවරයා ඇහුම්කන් දුන් අතර සිය යෝජනා ද ජනාධිපතිවරයා වෙත භාර දුන් බවයි අලුත්ගේ මහතා පැවසුවේ.

එම යෝජනා අයවැයට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පැවසූ බවයි ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ.

”අයවැය හරහා විසදුමක් දෙන්න ඕන කියන තැන ජනාධිපතිවරයා ඉන්නවා කිව්වා. ජනාධිපති උපදෙස් දුන්නා නිලධාරීන්ට මේකට විසදුම් හොයන්න කියලා. කළ හැකි යම් යම් කාරණා පිළිබද එකඟතාවක් ආවා. කැබිනට් මණ්ඩලයේ දී වෛද්‍යවරුන් සම්බන්ධයෙන් තීරණ අරගෙන තියෙනවා. ජනාධිපතිවරයාට අපි ස්තූති කරනවා. සාකච්ජාව සුහදව සිදුවුණා. එය යම්තාක් දුරකට සාර්ථකයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ අකාර්යක්ෂමතව පිළිබද ජනාධිපතිවරයා දැනුවත් කළා. ඇමතිවරයාගේ බබාපාට් ගැන දැනුවත්කළා. ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබද විශේෂ සාකච්ඡාවක් කරනවා කිව්වා.” යනුවෙන් අලුත්ගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...