ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායල සොල්දාදුවන් හතර දෙනෙකු මිය ගොස් 60 කට වැඩි පිරිසකට තුවාල

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරයට දකුණින් බින්‍යාමිනා නගරයට යාබද ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) ගෝලානි බළකායේ පුහුණු කඳවුරක් ඉලක්ක කර ගනිමින් ඊයේ(13) එල්ල කරන ලද ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් ඊශ්‍රායල සොල්දාදුවන් හතර දෙනෙකු මිය ගොස් 60 කට වැඩි පිරිසකට තුවාල ලබා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රකාශ කර තිබේ.

ප්‍රහාරයේ වගකීම හිස්බුල්ලා සංවිධානය විසින් භාරගෙන ඇති අතර ඔවුන් සඳහන් කර තිබුණේ, දකුණු ලෙබනනයේ සහ බීරූට් හි ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති ඉතා විශ්වාසදායකය නමුත් මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බින්‍යාමිනා ප්‍රදේශයේ අනතුරු ඇඟවීම් කිසිවක් වාර්තා වී නොමැති අතර, ඩ්‍රෝන යානය ඊශ්‍රායල භූමියට එතරම් ගැඹුරට විනිවිද යාමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්න මතු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...