*
Monday, October 14, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරණ අපේක්ෂකයෝ තුනක් තාමත් ආදායම් වියදම් වාර්තා දී නැහැ.එක් අයෙක් මහ මැතිවරණයටත් නාම යෝජනා දීලා!

කොළඹ LNW:ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් තුන්දෙනෙක් හැර සෙසු සියලු දෙනා ආදායම් වියදම් වාර්තා ලබා දී තිබෙන අතර එම වාර්තා ලබානොදුන් අපේක්ෂකයින් අතර අපේක්ෂකයෙක් මහ මැතිවරණයටද නාම යෝජනා දී තිබෙන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඉදිරියේදී හෝ එම වාර්තාව කඩිනමින් ලබා නොදුන හොත් නීතිය අනුව වසර තුනක ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය සහ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසි විය අකි බවයි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

මේ අතර පැවති ජනාධිපතිවරණයේදී මෙන් මහා මැතිවරණයේදීද සාමකාමී ප්‍රචාරණය බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

”පසුගිය ජනාධිපතිවරණයට අදාළව ආදායම් සහ වියදම් වාර්තා ලබාදීමේ කාලය ඊයේ මධ්‍යම රාත්‍රියේ දොළහෙන් අවසන් වුණා. තුන් දෙනෙක් හැර අනෙකුත් සියලුම දෙනා ආදායම් සහ වියදම් වාර්තා ලබාදී තිබුණා. භාර නොදී තිබෙන අපේක්ෂකයින් අතරින් එක් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයටත් නාම යෝජනා භාර දීලා තියෙනවා. එම පක්ෂයේ නායකයා ආදායම් වියදම් වාර්තා ලබා නොදුන්නහොත් අධිකරණ ක්‍රියාවලියක් හරහා ඔහුට වසර තුනක ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය සහ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසි වෙනවා. යම් ආකාරයකට ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වුණොත් ඔහුට ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසි වෙනවා. එම වාර්තා ලබාදුන් අපේක්ෂකයන්ගේ එම වාර්තා සලකා බලා විධිමත් ආකාරයට එය සිදු වී තිබෙනවාද කියලා බලන්න නිරීක්ෂණ සංවිධානයක් විදියට අපි කටයුතු කරනවා. නිවැරදි ආකාරයට ඒ කටයුතු ක්‍රියාත්මක කරලා නැත්නම් අපි ඒ ගැන ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳව සොයා බැලීම පොලීසියේ වගකීමක්. පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර දීලා අවසන්. පක්ෂයකට සහ පුද්ගලයකුට වියදම් කළ හැකි මූල්‍ය සීමාව පිළිබඳව හෙට දින සාකච්ඡා කරලා ප්‍රකාශයට පත් කරනවා. ඒ සමගම පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කරයි. පසුගිය ජනාධිපතිවරණයේ සාමකාමී වාතාවරණය මහ මැතිවරණයටත් ක්‍රියාත්මක කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ උපමාණවලට අනුව අනුගත වෙමින් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන ලෙස ඉල්ලා සිටිනවා. පරිසරයට හානියක් සිදු නොවන ආකාරයෙන් එම කටයුතු සිදුකරයි කියලා බලාපොරොත්තු වෙනවා. මෙවැනි මැතිවරණයට ඉදිරිපත් වී සිටින කාන්තා අපේක්ෂිතාවන්ගේ චරිත ඝාතනයෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිනවා. ආයතනය වෙනුවෙන් මේ වෙනකොට පන්දහසක පමණ පිරිසක් මැතිවරණය නිරීක්ෂණයට සූදානම්. දිගුකාලීන නිරීක්ෂණකයන් මේ වන විට නිරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. පූර්ව කාලීන, මැතිවරණ කාලයේ සහ පශ්චාත් මැතිවරණ කාලයේ අපේ නිරීක්ෂණ කටයුතු සිදු කරනවා. ගාල්ල ඇල්පිටිය පළාත් පාලන ආයතනයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අද සිදුකෙරුණා. තැපැල් ඡන්ද දායකයින් 1576 ඡන්ද මධ්‍යස්ථාන 374 දී ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා. මධ්‍යස්ථාන 73ක් ගාල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වෙනවා. සාමකාමීව ඡන්දය පැවැත්වුණා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan