කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් අක්‍රීයයි:රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW :

මේ වන විට ‍කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් මේ වන විට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එක් එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයක් පමණක් ජාතික රෝහලේ ක්‍රියාත්මක මට්ටමේ පවතින බව, එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය. මෙම තත්ත්වය හේතුවෙන් රෝගී සත්කාරක සේවාවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේ , මහනුවර රෝහලේ වකුගඩුවල ගල් කුඩු කිරීම සඳහා වන යන්ත්‍රයක් මීට වසරකට පෙර මිලදී ගෙන ඇති අතර එය මෙතෙක් භාවිතයට ගෙන නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...