දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/14

Date:

1.යෝජිත බදු වැඩිකිරීම් විවිධ පාර්ශ්වයන්ට ‘මරණ වරෙන්තුවක්’ බව සජබ මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් පවසති.
-නමුත් මීට පෙර එම මන්ත්‍රීවරුන්ම 2019 වර්ෂ අවසානය වන විට බදු අඩු කිරීම් දැඩි ලෙස විවේචනය කර ඇත.

2.මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ රුසියාවේ MIR ගෙවීම් ක්‍රමවේදය දෙවන වරටත් ප්‍රතික්ෂේප කරයි.
-ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රටවල් දෙක අතර වෙළඳාම් සහ සංචාරක කටයුතු කෙරෙහි පහසුකම් සැලසීමට මෙම ගෙවීම් ක්‍රමවේදය සඳහා අනුමැතිය ඉල්ලා තිබුණි.

3. රජයේ විසින් පොලී පිරිවැය වැඩි කිරීම මඟින් 2022 අප්‍රේල් 1 සිට 2022 සැප්තැම්බර් 30 දක්වා වූ මාස 6 ක කාලය තුළ රුපියල් බිලියන 540 ක විශ්මය දනවන ආදායමක් වාර්තා කරයි.
-රුපියල් බිලියන 90 ක දීමනාවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් ලබාගත හැකිවී ඇත්තේ රුපියල් බිලියන 60.3 ක් පමණි.
91 වන දින අනුපාතය 33.05% දක්වා ඉහළ යයි.
182 වන දින අනුපාතය 32.53% දක්වා ඉහළ යයි.

4. යුක්රේනයේ කලාප 4ක් රුසියාව විසින් ඈඳා ගැනීම හෙළා දකින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ඡන්දයෙන් ශ්‍රී ලංකාව වැළකී සිටියි!
රටවල් 143ක සහය දක්වන යෝජනාව සඳහා ශ්‍රී ලංකාව, චීනය, පකිස්ථානය සහ ඉන්දියාව ඇතුළු ප්‍රාන්ත 35ක් තම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටී.

5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙහෙයවනු ලබන බදු ඉහල දැමීම මඟින් කුඩා කාලීන ආයෝජකයින්ගෙන් කොටස් වෙලඳපොල වෙත ගෙන එන ආයෝජන වලට බලපෑම් කළ හැකි බව විශ්ලේෂකයින් පවසයි.
-නව බදු අයකිරීම්, ඔවුන් ලබන ආදායමෙන් සැලකිය යුතු කොටසක් අතුගා දමයි. බදු සීමාව රුපියල් මිලියන 3 සිට රුපියල් මිලියන 1.2 දක්වා අඩු වී ඇති බව බදු ඉහල දැමීම් මඟින් පෙන්නුම් කරයි. ආයතනික බද්දෙන් නිදහස් කිරීම වෙනුවට 14% සිට 30% දක්වා වැඩි කිරීමක් දක්නට ලැබේ.

6. මියන්මාරයට ඩොලර් මිලියන 40ක් වටිනා ෆයිසර් (Pfizer) එන්නත්!
-මිලියන 6කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව පරිත්‍යාග කිරීමට සැරසෙයි.
බොහෝ ශ්‍රී ලාංකිකයන් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට මැලිකමක් දක්වන බැවින් එන්නත්කරණය මේ වන විට නවතා දමා ඇත.
ඒ සඳහා මීට පෙර, බූස්ටර් මාත්‍රා සඳහා ෆයිසර්(Pfizer)එන්නත් මාත්‍රා මිලියන 18ක් මිලදී ගෙන තිබුණි.

7. ඉකුත් බදාඳා අහුන්ගල්ලේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට වෙඩි තබා තුවාල කළ තුවක්කුකරු, පොලිස් වෙඩි පහරින් මරුට!
-පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී පිස්තෝලයකින් වෙඩි තැබීමට තැත් කළ සැකකරු සමඟ මෙසේ වෙඩි හුවමාරුවක් සිදුව ඇත.

8. මේ වසරේ මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 59,317ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්!
-වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ය.

9.වැඩි පිරිසක් රජයේ රෝහල්වලට පැමිණෙන්නේ තවදුරටත් පෞද්ගලික රෝහල් ගත කිරීමට ඔවුන්ට නොහැකි නිසා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.
-මේ මට්ටමට තවදුරටත් රටතුළ මෙවැනි පහළ මධ්‍යම පන්තියක් නොපවතිනු ඇති බව ද පවසයි.

10. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2022 කාන්තා ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය ලකුණු 1 කින් පරාජයට පත් කරයි.
•ශ්‍රී ලංකා කාන්තා – ඕවර 20 කදී 122/6
•පාකිස්තාන කාන්තා – ඕවර 20 කදී 121/6.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...