*
Thursday, September 26, 2024
spot_img

Latest Posts

වසර 14 ට පසු අවසාන තරගයකට එන ශ්‍රී ලංකාවට පළමුවරට සූරතාවය දිනා ගන්නට අවස්ථාවක්

ආසියානු කාන්තා ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් අවසාන තරගයකට පිවිසෙන්නේ වසර 14 ට පසුවය.තරගාවලියේ මුහුණුවර 20/20 හැඩය ගත් පසු ශ්‍රී ලංකාව අවසාන තරගයකට මුහුණ දෙන පළමු අවස්ථාවද මෙය වන්නේය.ඉන්දියාව අද ලෝකයේ ප්‍රබල කාන්තා කණ්ඩායමක් ලෙස හඳුන්වන නමුත් මේ තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දක්වන දක්ෂතාවයන් එක මිටට එකතු වුවහොත් ඉන්දියාව පරාජය කිරීම යනු බරපතල අපහසු කාරණයක් නොවේය.අවශ්‍යය වන්නේ අවශ්‍යය දේ අවශ්‍ය්‍ය මොහොතේදී සිදුවීමය.අත්වැරදීම් අඩු කර ගැනීමය.මේ කාරණා දෙකටම ජයගත හැකිය යන අධිෂ්ඨානය වැදගත් වන අතර එම විශ්වාසය සමඟ කටයුතු කිරීමේදී වැරදීම් අඩුවීම සාමාන්‍ය තත්ත්වයකය.
ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ගත් විට දැනට මද වේග පන්දු යැවීමට යොදා ගන්නා එකම ක්‍රීඩිකාව වන අචිනි කෞශල්‍යා කල්පනාකාරීව මේ තරගාවලිය පුරා පන්දු යවන බව පැහැදිළිය.නමුත් තරගාවලියේ තරගයක් වෙනස් කළ හැකි පන්දු යැවීමේ ඉහළම ධාරිතාවය ඇති ක්‍රීඩිකාව බවට පත්ව සිටින්නේ ඉනෝකා රණවීරය.ඉන්දියාවට තද හිසරදයක් වන ඉනෝකාගෙන් යම් ආකාරයක ලකුණු උදුරා ගැනීමක් සිඳු වුයේ ඉන්දීය කණ්ඩායම මුල් වටයේ හමු වූ අවස්ථාවේ පමණකි.අවසන් තරගයේදී ද ඉනෝකාව පහර දී නිහඬ කිරීමට ඉන්දීය පිතිකාරිණියන් දරණ උත්සාහය හමුවේ මානසික ඒකාග්‍රතාවය රඳවාගෙන ඇය විසින් එල්ලයට පන්දු යැවීම සිඳු කරන්නේනම් අපහසුවකින් තොරව ඉනෝකාගේ පාලනයට ඉන්දියාව ගැනීම අපහසු නොවනු ඇත.දැනටමත් තරගාවලියේ දීප්ති ෂර්මාට එක කඩුල්ලක් පසුපසින් තරගාවලියේ වැඩිම කඩුලුලාභිණිය වී සිටින ඉනෝකා අවසන් තරගයේද ශ්‍රී ලංකාව ඓතිහාසික ජයක් කරා රැඟෙන යාමට විශාල වෙහෙසක් දරණු ඇත.
කවීශා දිල්හාරි මේ තරගාවලිය තුල ශ්‍රී ලංකාවෙන් මතු වූ හීන්සැරය ය.අවශ්‍යය මොහොතේදී අවශ්‍යය දේ කණ්ඩායම වෙනුවෙන් කර දීමට හැකි ක්‍රීඩිකාවක සේ මතුවෙමින් තිබෙන කවීශා මේ තරගාවලියේදී අන් තරගාවලිවලට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සඳහා තමන් කෙතරම් වැදගත් ද යන්න පෙන්වා දී ඇත.පන්දු රැකීමේදී ඇය දක්වන හැකියාව අතිශයින් ශ්‍රී ලංකාවට වැදගත්ය.හර්ෂිතා සමරවිකම මේ තරගාවලිය පුරා ශ්‍රී ලංකා පන්දුවට පහරදීමේ අංශය අසමත් වුවත් සාර්ථකව ලකුණු රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු එකතුව ඇති පිතිකාරිණියන් අතර දෙවන තැන සිටින්නේය.හෂිනි පෙරේරා මෙන්ම නිලක්ෂි ද සිල්වා පිත්තෙන් තමන්ට පැවරි ඇති කාර්යය මූලික තරගවලට වඩා වැඩි අවධානයක් දෙමින් ඉටු කිරීම වැදගත්ය.ඕෂධි රණසිංහ වෙනදාට වඩා තුව් ඉරියව් දස්කම් ඇත ක්‍රීඩිකාවක මෙන් මේ තරගාවලියේ වගකීම් සහගත කාර්යභාරයක් ඉටු කරමින් සිටිම ද වැදගත්ය.
ඉනෝකාගේ මූලිකත්වය සහිත පන්දු යැවීමේ බල ඇණියේ සුගන්ධිකා කුමාරි ද දැඩි කල්පනාවකින් පන්දු යවන බවක් මේ දක්වා පැහැදිළි කරමින් ඇත.ඒ ආත්ම විශ්වාසය අවසාන තරගයේදී වැදගත් වනු ඇත.චමරි අතපත්තු තරගයේ මැද භාගයේ සිට අවසානය දක්වා කඩුල්ලේ රැදී සිටීම අත්‍යවශ්‍යය අවශ්‍යයතාවය වුවත්,ඇය දිගටම කැමැත්ත දක්වන්නේ ආරම්භක පිතිකාරිණියගේ කාර්යභාරයටය.හෂාන් තිලකරත්න ද ඊට එකඟ බැවින් චමරිගේ සහයට සිටි හර්ෂිතා ඉවත් කර අනුෂ්කා සංජීවණී හඳුන්වාදීම ද වැදගත්ය.අනුෂ්කා ප්‍රහාරාත්මකවීමට දරණ උත්සාහය තරමටම කඩුල්ල ප්‍රතිවාදීන්ට පහසුවෙන් උදුරා ගන්නට නොදීම ද වැදගත්ය.
චමරි ද වේගවත්වීමට තරමටම කඩුල්ලේ රැදී සිටීම ද වැදගත්ය.ඒ කොයි මොහොතේ හෝ දැවන්ත ප්‍රහාරයකට ලක්වන්නට වේය යන සැකය විසින් ප්‍රතිවාදීන්ව යම් පීඩනයක් ඇති කරන්නට චමරිගේ රැදී සිටීම වැදගත් වන බැවිනි.ඒ නිසා කණ්ඩායමේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය හැටියට තවමත් මේ තරගාවලියේ ලකුණු සොයන්නියක වී සිටින චමරි අතපත්තු ගත හැකිය.ඇයගේ පිටියේ රැදී සිටින වේලාව තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ද ඉන්දියාවටද යන්න තීරණය කරන ප්‍රධාන සාධකය බැවින් ඉණිමේ තුනෙන් දෙකක පමණ දුරක් චමරිගේ පිත්ත ගමන් කරනවානම් එය ඉන්දියාවේ පරාජයට හේතුව වනු ඇත.
ඉන්දියාවේ සැක සහිතම ක්‍රීඩිකාව නායිකා හර්මන්ප්‍රීට් කොවුර් ය.තරගය සම්බන්ධ විශාල අධ්‍යයනයික්න් යුතුව තීරණ ගන්නා ඇය අවශ්‍යය මොහොතේ පිත්නේ මෙන්ම පන්දුවෙන් ද තරගයේ ස්වභාවය කණපිට හැරවිය හැකි ක්‍රීඩිකාවකි.තැනට සුදුසු සේ හැඩ ගැසෙන්නටත් සෙස්සන් හැඬ ගස්වන්නටත් ඇය සතු හැකියාව පිළිබඳ අවබෝධයකින් අවසාන තරගයේදී පන්දු යැවීම මෙන්ම ඇයට පන්දු යැවීමද කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම විමසිලිමත් විය යුතුය.
ජෙමීමා රොඩ්‍රිගස් ගෙ පිත්ත මෙන්ම දීප්ති ෂර්මාගේ පන්දු යැවීමද කිසිවිටෙක විශ්වාසය තැබිය නොහැකිය.දරුණු උපද්‍රව ප්‍රතිවාදීන්ට ඇති කරන සුළු ඔවුන්ගේ හැකියාවන් මෙන්ම රාජේස්වරී ගයික්වාඩ්,සමිටිරි මන්දනා,සෆාලි වර්මා වැන්නන්ද ප්‍රතිවාදී කණ්ඩායම්වල සැනසිල්ල නැති කරන්නට මුල්වන ක්‍රීඩිකාවෝය.
නමුත් 2018 දී හර්මන්ෆ්‍රීට් කොවුර්ගේ ඉන්දීය කණ්ඩායමට බංගලාදේශ කණ්ඩායම කළ දේම නැවත කරන්නට චමරි අතපත්තුගේ ශ්‍රී ලංකා කණ්ඩායමට ද බැරි නැත.ඉන්දියාවට 2018 දී මුල්වරට ආසියානු කුසලානය අහිමි කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් එය ඔවුන් සතු කර ගත්තේය.ශ්‍රී ලංකාව පන්දු ඕවර් 7 ක් තුළ ලකුණු 40 ක් ලබා නොදී ලකුණු 37 ට කඩුලු 7 ක් දවා ගත්තේ ඒ සූරියන්ව පරාජය කරමින්ය.ඒ නිසා මේ දක්වා පෙන්නූ දක්ෂතාවයන් ඉන්දියාවට එරෙහිවත් පෑ හැකිය යන අධිෂ්ටානය තිබීම මේ තරගයේදී ඉන්දියාව පරාජය කරන්නට ඇවසි බොහෝ දේ ඉටු කර දෙනු ඇත.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉතිහාසය වෙනස් කරන්නට හැකි වේවා යන්න අපේ පැතුමය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan