නාගපට්ටිනම් සිට කන්කසන්තුරේට නෞකා සේවය අද (14) සිට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ දක්වා ගමන් ගන්නා, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන නෞකා සේවය අද (14) ආරම්භ වේ.

දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට අනුව එය ක්‍රියාත්මක බව, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කරයි.

ඒ අනුව මගීන් 100 දෙනෙකු රැගත් නෞකාවක් ඉන්දියාවේ තමිල්නාඩුවේ නාගපට්නම් සිට කන්කසන්තුරේ දක්වා පැමිණෙන බවත් , නාගපට්ටිනම් සිට කන්කසන්තුරේ වරායට යාත්‍රා කිරීමට පැය 4ක පමණ කාලයක් ගත වන බවද කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා කියා සිටී.

එක් ගමන් වාරයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 26,750 ක් වන අතර
ඉන්දියාවට යෑමට සහ ඒමට ශ්‍රී ලංකා රුපියල් 53,500 ද ගාස්තුවක් අය කිරීමට නියමිතය.

මෙහි එක් මගියකුට කිලෝග්‍රෑම් 50 බරකින් යුත් භාණ්ඩ රැගෙන යා හැකි බවද වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් වරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...

වතුකම්කරුවන් මානව හිමිකම් කාර්‍යාලයට..?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23 කොළඹ LNW : අද (23) දින...

වෙනිසියුලානු ජනාධිපති ඉල්ලා අස්වීම බුද්ධිමත් තීරණයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 23: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: එක්සත් ජනපද...

පොලිස්පතිවරයාටත් ලැජ්ජා නැහැ – නාමල්

කොළඹ LNW:තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා...