සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අද පස්වරු 2.30 සිට අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි.
ඊට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවත් පවතින බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??