මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ පැරිස් සමාජයේ සභාපතිවරයා අතර හමුවක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ පැරිස් සමාජයේ සභාපති එම්මානුවෙල් මවුලින් මහතා අතර හමුවක් පවත්වා ඇති බව වාර්තා වේ.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, එම සාකච්ඡාව ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය සහතික කිරීම සඳහා ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සහයෝගය අවබෝධ කර ගැනීමට ප්‍රයෝජනවත් වූ බවයි.

තවද, පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට හා ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට දක්වන සහයෝගය හා උත්සහය අගය කිරීමට මෙම හමුවීම අවස්ථාවක් කරගත් බවද අමාත්‍යවරයා කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...