කොළඹ LNW:ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සහ වතිකානු රාජ්‍යයේ (Holy See/Vatican City State) මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී තිබේ.
මුදල් විශුද්ධිකරණය, ඒ ආශ්‍රිත පූර්ව පාදක අපරාධ, ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම සහ අවි ව්‍යාප්තිය සඳහා අරමුදල් සැපයීමේ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමේදී සහයෝගිතාව පළ කිරීම පිළිබඳව එම ගිවිසුම් ගතවීම සිදුවන අතර දෙපාර්ශ්වය අතර එකී ගිවිසුමට අත්සන් තැබීම වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මුල්‍ය බුද්ධි ඒකකය සහ මොරිෂස් ජන රජයෙහි මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධි විධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය ස්ථාපිත කර තිබෙන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ වන අතර එම මූල්‍ය බුද්ධි ඒකකය සහ මොරිෂස් ජන රජයේ මුල්‍ය බුද්ධි ඒකකය අතර, මුදල් විශුද්ධිකරණය, ඒ ආශ්‍රිත පූර්ව පාදක අපරාධ, ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම සහ අවි ව්‍යාප්තිය සඳහා අරමුදල් සැපයීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හෝ නඩු පැවරීම සඳහා අදාළ වේ යැයි සාධාරණ හේතු මත අනුමාන කරන තොරතුරු බෙදා ගැනීම සඳහා රාමුවක් සැපයීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට සැලසුම් කර ඇත.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
