පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂකට ස්ථාන මාරුවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබෙන බව වාර්තා වේ.

පොලිස් මූලස්ථානය පැවසුවේ, ඔහුව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා ලෙස ස්ථාන මාරුකර යවා ඇති බවයි.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය මතයි. කෙසේවෙතත් අදාළ මාරුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී ඊයේ සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදී ඇත්තේ ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතා බවයි පැවසෙන අතර, වසර 31ක පමණ සේවාකාලය තුළ ඔහුට කිසිදු දූෂණ චෝදනාවක් එල්ලවී නොමැති බවද පොලිස් ආරාංචි මාර්ග පවසයි.

ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වසර දෙකකට ආසන්න කාලයේදී මත්ද්‍රව්‍ය ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිය භාරයට ගෙන ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...

ජින්තුපිටියේ වෙඩි තැබීමක්. එක් අයෙකු මරුට. කුඩා දරුවන් දෙදෙනෙකුටත් තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී...

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා...