ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා.
අපි එකවරක් ගෝල්ෆේස් අරගලය දැක්ක. ඒක මාස ගණනාවක් අල්ලගෙන ගියා. ඒ වෙලාවේ පාලකයෝ නැත්නම් පොහොට්ටුව පස්සට ගිහිල්ල ඒක අවසන් උනා.
ඊට පස්සේ අරගලයේ අරමුණු එක්ක එකටම සමපාත නොවුනත් යම් සමානකමක් තිබ්බ මාලිමා ආණ්ඩුව ආව. වෙන විදියකින් කිව්වොත් යම් ජාතිකවාදී සිංහල බෞද්ධ දෘෂ්ටිමය පදනමක් තිබ්බ පොහොට්ටුව ගෙදර ගිහින් (සියයට 3ටත් අඩුවෙන් අරගෙන) වෙන කතිකාවක් තිබ්බ ආණ්ඩුවක් ආව.
දැන් ආයෙත් ගෝල්ෆේස් එක කහ සිවුරු පාට වැටිලා. බෞද්ධ කොඩිය අරන්. කලින් අරගලය නෙවෙයි. වෙනත් අනන්යතාවක් වෙනුවෙන්. බෞද්ධ අනන්යතාව වෙනුවෙන්. ඒකෙ කතාව ගෙතෙන්නෙ ඥාණසාර හාමුදුරුවෝ එක්ක උනාට මේකෙ තියනවා ඊට වැඩිය අනන්යතාවක්.
මම දකින්නේ නැහැ මේක තනිකර ‘රාජපක්ෂ නිකායේ’ වැඩකට ගොනුකරන්න පුළුවන් කියල. එයාලත් ඇති. එයාල නොවන අයත් ඇති. ඒ නිසා මේක රාජපක්ෂ පොහොට්ටු සාධකයක නැගීමක් විතරක් හැටියට ගන්න මම කැමති නැහැ. ඊට වඩා ගාමක බලයක් සහ අනන්යතා ප්රකාශනයක් මේකේ තියනවා. ඒක තනිකරම රාජපක්ෂ පවුලට පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි.
ඒ නිසා මේක නිකම්ම පොහොට්ටු – රාජපක්ෂ ප්රකාශනයක් විදියට ගැනීම ම වරද්දා ගැනීමක්.
~ මහේෂ් හපුගොඩ


