දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මි.මී 100 ට වැඩි තද වැසි

Date:

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මුහුදුබඩ කලාපය

වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන  මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි   ඇති විය හැක.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි.  සුළගේ වේගය පැ.කි.මී. (2535) පමණ වේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට  හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට  හරහා පොතුවිල් දක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට  තරමක් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව පාසල් වාරය අද ඇරඹේ – නව විෂය මාලා ආරම්භය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අද (05) සිට 2026 නව පාසල් වාරය...

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඉදිරියේදී ,...

ශ්‍රී ලංකා – ඉන්දීය යුද හමුදා දායකත්වයෙන් ගොඩනැගෙන බෙලිඋල්ඔය පාලම

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් දැඩි...