හමුදා මාමලාගේ සහයෙන් දරුවන් විභාගට යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද දවසේ සිසුන් 337,956 දෙනෙක් විභාග මධ්‍යස්ථාන 2,888කදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් දරුවන්ගෙන් ඇතැම් දරුවන්ට වැසි සහිත කාලගුණය හේතුවෙන් විභාග අභියෝයට පෙර ගංවතුර අභියෝගය ජයගැනීමට සිදුව තිබුණි.

එහිදී දිවයිනේ පළාත් කිහිපයකට පවතින මෙම අධික වැසි සහිත කාලගුණික තත්ත්වයද නොතකමින් මව්පියන් දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත කැඳවාගෙන ඒමට යුහුසුලුව ක්‍රියාකර තිබුණි.

නමුත්, ගංවතුර පහව නොගොස් ඇති මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, තිහගොඩ ,අකුරැස්ස හා කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල දරුවන් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කර තිබුණු අතර , යුද හමුදා යුනි බෆර් රථ මඟින් ශිෂ්‍යත්වයට පෙනී සිටින ඇතැම් දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ මෙහෙයුම දියත් ක්ළේය.

ඒ අතර විභාගයට පෙනී සිටි තවත් සිසුන් පිරිසක් , නාවික හමුදාවේ බෝට්ටු මඟින් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන එන අයුරු දක්නට ලැබුණි. කෙසේ හෝ භාධක සියල්ල නොතකා ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව දරුවන් විභාගයට සාර්ථකව මුහුණ දීම සතුටුදායකය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...