දැදුරු ඔය වාන් දමයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දැදුරු ඔය ජලාශයේ ජල මට්ටම මීටර් 70.61 ලෙස දැක්වුණු අතර, එහි පිටාර මට්ටම මීටර් 70.79 වන බැවින්, ජලාශයේ වාන් දොරටු හතරක් අද (15) උදෑසන සිට විවෘත කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පවසයි.

ඉංජිනේරුවරයා වැඩිදුරටත් පවසූවේ, දැදුරු ඔය පෝෂක ප්‍රදේශ වලට දින කීපයක සිට ලැබෙන වර්ෂා තත්වය හේතුවෙන් අද අලුයම වන විට ජලාශය පිටාර මට්ටමට ආසන්න වූ බවයි. දැදුරුඔය ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි 60000 ක් ද වේ.

ඉංජිනේරුවරයා දැදුරුඔය ජලාශය පහළ ප්‍රදේශ වල ජනතාවට දැනුම් දී සිටින්නේ, ජලාශයේ වාන් දොරටු හතරක් අඩි 3 බැගින් විවෘත කිරීම හේතුවෙන් මේ වනවිට ජලාශයෙන් දැදුරු ඔයට තත්පරයට ඝන අඩි 8400 ක ජල පරිමාවක් මුදා හැර ඇති අතර, මෙම තත්වය දැදුරු ඔය ජලාශය පහළ ප්‍රදේශ වලට කිසිසේත්ම ගංවතුර තත්වයක් නොවන බවයි.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...