නිව්යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් හි ප්‍රථම කඨින මහා පිංකම

Date:

නිව්යෝර්ක්, එක්සත් ජනපදය (LNW): නිව්යෝර්ක් නගරයේ වාසය කරනු ලබන ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන්ගේ දායකත්වයෙන් සහ නයනා පාගොඩ මැතිණියගේ මූලිකත්වයෙන් බ්‍රොන්ක්ස්හි පෞරාණික Temple of Enlightenment විහාරස්ථානයේ වැඩ වාසය කරනු ලබන අතිපූජ්‍ය කෙරවලපිටියේ සුබෝධ හිමිපාණන් වහන්සේ ගේ අනුසාසනා පරිදි ප්‍රථම වරට සිදුකරනු ලබන කඨින චීවර මහ පූජෝත්සවය 2023 වර්ෂයේ ඔක්තෝබර් මස 21 සහ 22 යන දෙදින තුළ මහත් උත්කර්ශයෙන් සිදු කෙරේ.

21 සෙනසුරාදා හවස 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මහ පිරිත් දේශනාව පැවැත් වේ. 22 ඉරිදා උදෑසන 9 කඨින චීවර පෙරහැර සාම්ප්‍රදායික නැටුම් වැයුම් සහිතව වීති සංචාරය කෙරේ.

ඉන් අනතුරුව කඨින චීවරය සඟසතු කිරීම, බුද්ධ පූජාව සහ සපිරි කර දහවල් සාංඝික දානය පිරිනැමේ. දානයෙන් අනතුරුව කඨින ආනිසංස දේශනාව සහ පුණ්‍යානුමෝදනාවෙන් පිං කම් මාලාව නිමා වේ.

නිව්යෝර්ක් වාසී සැමට ආරාධනා!!

Temple of Enlightenment
3070 Albany Crescent Bronx NY 10463
Phone: 1 718 884 9111
Email: [email protected]

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...