සතියක් තුළ ඇති වූ තුන්වන භුමිකම්පවටත් ඇෆ්ගනිස්ථානය මුහුණ දෙයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ඇෆ්ගනිස්ථානයට බලපෑ විශාල භූ කම්පන දෙකකින් පුද්ගලයන් 1000ක් පමණ මිය ගිය පසු රිච්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් බටහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ආයතනය තහවුරු කර තිබේ. මෙය සතියක් තුළ ඇෆ්ගනිස්ථානයට බලපෑ තෙවන භුමි කම්පාවයි.

මෙම භූමිකම්පාව හෙරත් නගරය ආසන්නයේ කිලෝමීටර් 6.3 ක් (සැතපුම් හතරක්) ගැඹුරේ ඇතිව ඇති අතර මේ හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර තිබේ.

මීට පෙර ඇති වූ භූමිකම්පාවලින් මියගිය අයගෙන් 90% කට වඩා කාන්තාවන් සහ ළමයින් බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය යුනිසෙෆ් වාර්තා කර ඇති අතර කම්පනය හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් සුන් බුන් බවට පත්ව තිබේ.

ඇෆ්ගනිස්ථානය හින්දු කුෂ් කඳුවැටියේ යුරේසියානු සහ ඉන්දියානු භූ තැටි ආසන්නයේ පිහිටා ඇති බැවින් නිතර නිතර රට නිතර භූමිකම්පාවලට ගොදුරු වේ.

2021 සිට ඇෆ්ගනිස්ථානයේ පාලනය තලෙයිබාන් සංවිධානය භාර ගැනීමත් සමඟ රට දැඩි ආර්ථික අර්බුදයකට මැදිව සිටින අතර තලෙයිබාන් රජය කාන්තාවන්ට රැකියා කිරීමේ හා අධ්‍යාපනය ලැබීම ආදී අමානුෂික වාරණයන් පැනවීමත් සමඟ ජාත්‍යන්තරය විසින් තලෙයිබාන් රජයට ලබාදුන් ආධාර නවතා දමා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...