මහා පිපිරීමකින් හත් හැවිරිදි පිරිමි දරුවෙකු මරුට; හයක් රෝහලේ!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ඔක්තෝබර් 16,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ
:නිවාස තුනක් විනාශ වූ පිපිරීමකින් හත් හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් හය දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මේ හේතුවෙන් හදිසි කාර්ය මණ්ඩලය එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රියේදී පමණ Newcastle හි Benwell හි Violet Close ප්‍රදේශයට කැඳවන ලදී.

ඇසින් දුටු සාක්ෂිකරුවන් පැවසුවේ “ඉතා විශාල පිපිරුමක්” ඇසුණු බවත්, “භයානක ගිනි ඇවිලීමක්” දුටු බවත් ය.

Northern Gas Networks පැවසුවේ එහි ඉංජිනේරුවන් එම ස්ථානයේ සිටි බවත්, එම ප්‍රදේශයේ සිටීමෙන් වළකින ලෙසත් ජනෙල් දොරවල් වසා තබන ලෙසත් ජනතාවට අනතුරු අඟවා ඇති බවයි.

බඩ්ල් පාර සහ ඒ අවට ප්‍රදේශයේ මාර්ග වසා දැමීම් ක්‍රියාත්මක බව නෝර්තම්බ්‍රියා පොලිසිය පවසයි.

මෙම සිදුවීමෙන් නිවාස තුනක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර වහලවල් කඩා වැටී, පිටත පාරේ සුන්බුන් ගොඩවල් ද දැකගත හැකි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...