ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් එලෝන් මස්ක් ඩොලර් මිලියන 75ක් පරිත්‍යාග කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පසුගිය මාස තුන තුළ දළ වශයෙන් ඩොලර් මිලියන 75ක පමණ ආධාර ලබා දී ඇති බව වාර්තා වේ.

මස්ක්ට මෙම ජයග්‍රහණය තීරණාත්මක වන අතර දෙවන වාරයේ දී මස්ක් තම කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර ගැනීමේ අදහස ට්‍රම්ප් දැනටමත් ඉදිරිපත් කර ඇත.

මස්ක් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඔහුගේ පුද්ගලික මැදිහත්වීම වැඩි කරමින් සිටින් අතර ඔහු මේ මස මුලදී පෙන්සිල්වේනියාවේ බට්ලර් හි ට්‍රම්ප්ගේ දෙවන රැලියේ වේදිකාවට පැමිණියේය.

මේ වන විට ප්‍රකෝටිපතියන් තිදෙනෙක් වන මස්ක්, ඇඩෙල්සන් සහ මැදපෙරදිග ඇසුරුම් අධිපති රිචඩ් උයිහ්ලීන් රිපබ්ලිකන් අපේක්ෂකත්වයට පිටුබලය දෙන කණ්ඩායම් ජයග්‍රහණය වෙනුවෙන් මාස තුනක කාලයක් තුළ දළ වශයෙන් ඩොලර් මිලියන 220 ක් පරිත්‍යාග කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...