හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට යළි සිහි කැඳවීමක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16 , කොළඹ (LNW):

ලබන 30 වනදාට පෙර,රජයේ නිළ නිවාස භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට යළි දැනුම් දී ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු රජයේ නිළ නිවාස යළි භාරදෙන ලෙස දැනුම් දී තිබුණ ද බොහෝ පිරිසක් මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැති බවයි.

අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට බංගලා 31 ක් ලබාදී තිබෙන අතර, මේ වන විටත් ඉන් භාර දී ඇත්තේ නිළ නිවාස 18ක් පමණක් බව වාර්තා වේ.

ඒ අනුව රජයේ නිළ නිවාස ලබන 30 වනදාට පෙර භාරදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සියලුම අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට යළි ලිපි යොමුකරමින් දැනුම් දී තිබෙන බව තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...