අපේ සිහිනය ඉටුවෙලා. මේ ආණ්ඩුවට ආපස්සට යන්න දෙන්න බෑ – වාසු

Date:

කොළඹ LNW:වාමාංශික ආණ්ඩුවක් පිහිටුවීමේ සිහිනය ඉටුව ඇති මොහොතක වත්මන් ආණ්ඩුව ආපස්සට නොයවා ආරක්ෂා කරගත යුතුව ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුවට වසරක් ගෙවී ගොස් තිබෙන අතර ඔවුන් ඉතා සීරුවෙන් ජනතා අභිලාෂයන් ඉටුකිරීම වෙනුවෙන් ගමන්කරමින් සිටින අතර මෙලෙස වාමාංශික ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවීම ගැන ඇත්තේ විශාල සතුටක් බවද ඔහු සඳහන් කළේය.

”වාමාංශික පක්ෂයක් මැතිවරණයකින් ජය අරගෙන ආණ්ඩුවක් පිහිටෙව්වට පස්සේ දක්ෂිණාංශික බලවේග ඇතුළු ප්‍රතිගාමී බලවේග ඒ ආණ්ඩුව බිඳ වැට්ටවීමට සියලු වෑයම් කිරීම ලෝක ඉතිහාසයේ දන්නා වූ දෙයක්. ඒ නිසාම මේ රජය ඉතා ප්‍රවේශමෙන් අඩිය තබමින් ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීමට ඉදිරියට යා යුතුයි. දැන් අපිට පේන විදිහට රජය සීරුවෙන් යම් යම් කටයුතු කරගෙන යනවා ලොකු පියවර තියන්නේ නැතුව. එය මේ වෙලාවේ උපායිකව අවශ්‍ය දෙයක් කියල මම හිතනවා. ලෝකයේ පළමු කම්කරු රජය පැරිස් කොමියුනය. ඉන්පසුව 1918 බෝල්ෂෙවික් විප්ලවයෙන් බිහිවෙච්ච සෝවියට් රුසියාව. ඒ වෙලාවේ ලෙනින් හිම වැස්ස මැද්දේ නැටුවා. මොකද කොමියුනයට වඩා එක දවසක් හරි සෝවියට් රුසියාවේ ඒ වාමාංශික බලය තිබුණු නිසා. ඒ වගේ අද වසරක් ගතවෙනකොට මේ ආණ්ඩුවට ලංකාවේ වාමාංශික ආන්සුවක් ඇති කිරීම මේ රටේ සිහිනයක්ව තිබුණු අපි හැමෝටම විශාල සතුටක් හා විශාල තෘප්තියක් ඇතිවෙනවා.” යනුවෙන් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ...

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...

එළවළු කොටු විශාල වෙලා – එලවළු මිල ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : වර්ෂාව සහ නායයෑම්...

නාවික සහ ධීවර කටයුතු වළක්වලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත්කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ඉකුත් දා, දිවයින...