පිරිමි දරුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ මුරකරු රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW :

මාස දෙකකට අධික කාලයක් වරින් වර බාල වයස්කාර පිරිමි දරුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල ජාතික තරණ සේවා සභාවේ මුරකරු මේ මස 27 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් දසුනි හපුආරච්චි මෙනවිය නියෝග කර තිබෙන බව වාර්තා වේ.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කලේ මීගලෑව තම්මිටගම අංක 57 ලිපිනයේ පදිංචි ඩබ් එම් රුවන් බණ්ඩාර නැමැත්තෙක් වන අතර, ඔහු ජාතික තරුණ සේවා සභාවේ තිරප්පනේ ඇතුන්ගම තරුණ මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කර තිබෙනබව වාර්තා වේ.

දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලිකාර වින්දිත දරුවාගේ පංති බාර ගුරුවරිය පාසලේදී පාඩමක් කියා දුන් අවස්ථවේ වින්දිත දරුවා මාස දෙකකට අධික කාලයක් විටින් විට සැකකරු තමාට සිදු කල ලිංගික අතරව සම්බන්ධයෙන් පංති බාර ගුරුවරියට පවසා ඇති බවත්, පසුව පංති බාර ගුරුවරිය මේ පිළිබදව පාසලේ විදුහල්පතිවරයාට දැනුම් වත් කර තිරප්පනේ පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල බව අධිකරණයේදී කියැවිණ.

තිරප්පනේ පොලිසියේ සැරයන් එදිරිසිංහ මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණ කී අතර සැකකරු වෙනුවෙන් නීතිඥ සුසිල් සිරිවර්ධන මහතා පෙනී සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...